වනාන්තර ප්‍රදේශවලට ගිනි අවි රැගෙන යාම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
මෙම තීරණය ගෙන ඇත්තේ, අලි ඇතුන් ඇතුළු වන සතුන් වෙඩි ප්‍රහාරවලින් මියයාමේ සිදුවීම් මෑතකදී ඉහළ යාමත් සමඟයි.
වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් චන්දිම පානකුඹුර මහතා සඳහන් කළේ, මෙම තත්ත්වය පිළිබඳ සොයා බැලීම සඳහා ප්‍රාදේශීය මට්ටමින් විශේෂ කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බවයි. මෙම පරීක්ෂණ මගින් වන සතුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමටත්, වන අපරාධ වැළැක්වීමටත් අපේක්ෂා කෙරේ.