නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා ප්රකාශයක් ලබාදීම සඳහා ගල්කිස්ස පොලීසිය වෙත පැමිණ තිබේ.
ගල්කිස්ස මහේස්ත්රාත් අධිකරණයේදී පොලිස් කොස්තාපල්වරයෙකුට බැන තර්ජනය කරමින් රාජකාරියට බාධා කිරීමේ සිද්ධියට අදාළව ඔහු මෙලෙස ප්රකාශයක් ලබාදීම සඳහා ගල්කිස්ස පොලීසිය වෙත පැමිණ ඇත.