පසුගිය දිනවල දැඩි කතාබහට ලක්වූ 6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයේ අන්තර්ගත එක්තරා පාඩමක් ඉවත් කිරීමට ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යයන උපදේශක මණ්ඩලය තීරණය කර තිබේ. අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ඊයේ (06) දින අදාළ අනුමැතිය හිමිවූ බවයි.
අදාළ පාඩම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන් එල්ල කළ විවේචන සහ සමාජයීය කරුණු සලකා බැලීමෙන් අනතුරුව ජාතික අධ්‍යාපන ආයතනය මෙම පියවර ගෙන ඇත. ඒ අනුව මින් ඉදිරියට එම කොටස ඉගැන්වීම් ක්‍රියාවලියෙන් බැහැර කිරීමට නියමිතය