2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත හය වැනි ශ්‍රේණියේ පාසල් පෙළපොතට Buddy.net නැමැති වෙබ් අඩවිය ඇතුළත් කිරීමට අධ්‍යාපන බලධාරීන් ගෙන ඇති තීරණය ශ්‍රී ලංකා සමාජ ජාල මාධ්‍යවේදීන්ගේ සංගමය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව නිවේදනය කරයි. අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රමුඛ අධ්‍යාපන බලධාරීන්ගේ මෙම තීරණය මෙරට දරු පරපුරේ මනස විකෘති කිරීමේ උත්සාහයක් බව එම සංගමය පෙන්වා දෙයි.
වසර දහස් ගණනක ප්‍රෞඪ ඉතිහාසයක් සහ උසස් සදාචාරාත්මක වටිනාකම් පද්ධතියක් සහිත ශ්‍රී ලංකාවේ සංස්කෘතික පදනම විනාශ කිරීමට මෙමඟින් උත්සාහ දරන බව එම සංගමය අවධාරණය කරයි. විදේශීය රටවල පවතින විකෘති ලිංගික සංකල්ප සහ ආකල්ප මෙරට පාසල් දරුවන්ගේ මනසට බලහත්කාරයෙන් එන්නත් කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවත්, මෙමඟින් ළමා මනස විකෘති වී ඔවුන්ගේ ස්වාභාවික වර්ධනය අඩාල වන බවත් එම නිවේදනයේ සඳහන් වේ.
ලාංකේය අනන්‍යතාවය සහ පවුල් සංස්ථාවේ පදනම බිඳ දමමින්, අනාගත පරම්පරාව විකෘති ලිංගික ආශාවන් සහිත පිරිසක් බවට පත් කිරීමට විදේශීය න්‍යාය පත්‍ර ක්‍රියාත්මක වන බවට සමාජ ජාල මාධ්‍යවේදීන්ගේ සංගමය චෝදනා කරයි. අධ්‍යාපනය යන නාමයෙන් දරුවන්ගේ අහිංසකත්වය කෙලෙසීමට රජය මැදිහත් වීම බරපතල සමාජයීය අපරාධයක් ලෙස ඔවුන් හඳුන්වා දී ඇත.
අධ්‍යාපන අමාත්‍යවරිය ඇතුළු වගකිවයුතු නිලධාරීන් මෙරට සදාචාරය බිලි දීමට උත්සාහ නොකළ යුතු බව පවසන එම සංගමය, දරුවන්ගේ මනස විනාශ කරන මෙම තීරණය වහාම හකුළා ගත යුතු බව අවධාරණය කරයි. මෙම ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් නොලැබෙන්නේ නම්, සමස්ත ජනතාව පෙළගස්වමින් දැඩි වෘත්තීය සහ සමාජීය ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බව ද එම සංගමය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.