රන් ආලේපිත T-56 වර්ගයේ ගිනිඅවියේ හිමිකාරිත්වය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා එම නඩුවෙන් මුදා හැරීමට ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය අද (ජූලි 29) නියෝග කළේය.
මෙම නඩුව අද ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී, නඩුවට අදාළව සෘජු හා පරිවේෂණීය සාක්ෂි නොමැතිවීම හේතුවෙන් හිටපු මන්ත්‍රීවරයා මුදා හරින බව ගල්කිස්ස මහෙස්ත්‍රාත් චතුරිකා ද සිල්වා මහත්මිය ප්‍රකාශ කළාය.
හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයෙන් සොයාගත් රන් ආලේපිත T-56 වර්ගයේ ගිනි අවියේ හිමිකාරිත්වය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පසුගිය මැයි මස 23 වැනි දින අත්අඩංගුවට ගනු ලැබීය. ඉන් අනතුරුව ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණි. පසුව, ඔහු විසින් ඉදිරිපත් කර තිබූ ඇප ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව පසුගිය ජූලි 14 වැනි දින ඇප කොන්දේසි මත නිදහස් කරනු ලැබීය.