ආණ්ඩුව විසින් ප්‍රකාශ කරන බොරු හෙළිදරව් කිරීමේ ඓතිහාසික වගකීම වැටී ඇත්තේ තමාගේ කර මත බව පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
ඒ අනුව, එම ‘යුගයේ යුතුකම’ තමා විසින් ඉටු කිරීමට කටයුතු කරන බවයි අද (දෙසැම්බර් 15) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.