කල්කුඩා පොලිස් වසමේ පාසිකුඩා මුහුදු තීරයේ දිය නෑමට ගිය පුද්ගලයෙකු රළ පහරකට හසුවී අතුරුදන් වී ඇති බවට කල්කුඩා පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබේ.
මෙලෙස අතුරුදන් වූ පුද්ගලයා වයස අවුරුදු 39ක් වන පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අතුරුදන් වූ පුද්ගලයා සෙවීමේ මෙහෙයුම් සඳහා පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන්, නාවික හමුදා ජීවිතාරක්ෂක නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව සිටී.
කල්කුඩා පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.