ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් තම මාසික වැටුප් පක්ෂ අරමුදලට බැර කර, ඒවා දේශපාලන කටයුතු සඳහා යොදා ගැනීම සම්බන්ධයෙන් උදය ගම්මන්පිල මහතා විසින් අද (29) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත නිල වශයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
පිවිතුරු හෙළ උරුමයේ නායකවරයා වන හිටපු මන්ත්‍රී ගම්මන්පිල මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලබාදෙන මාසික දීමනාව ඔවුන්ට අවශ්‍ය ආකාරයට වියදම් කළ නොහැකි බවයි.
ඔහු වැඩිදුරටත් චෝදනා කරන්නේ, ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් 159 දෙනා විසින් මාසිකව කෝටි 03කට වඩා වැඩි මුදලක් ලබා ගනිමින්, එම මුදල් පක්ෂ අරමුදල වෙත බැර කර දේශපාලන කටයුතු වෙනුවෙන් යොදා ගැනීම මහජන මුදල් අවභාවිත කිරීමක් වන බවයි.