අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ (CIABOC) අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා පත්කිරීමේ ක්‍රියාවලිය පිටුපස දූෂිත මෙහෙයුමක් ඇති බවට පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා චෝදනා කරයි. අද (ඔක්තෝබර් 07) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ, දිසානායක මහතාගේ පත්වීම පිටුපස වූ අපැහැදිලි තීරණ මාලාවක් හේතුවෙන් කොමිසම පිළිබඳ මහජන විශ්වාසය බිඳ වැටී ඇති බවයි. දූෂණ විරෝධී පනතේ අවශ්‍යතාවය වන්නේ අපරාධ නඩු පැවරීම පිළිබඳව වසර 15ක අත්දැකීම් සහිත නීතිඥවරයෙකු අධ්‍යක්ෂ ජනරාල්වරයා විය යුතු වුවද, දිසානායක මහතාට අපරාධ නඩු පැවරීම පිළිබඳව කිසිදු පළපුරුද්දක් නොමැති බව ඔහු චෝදනා කරයි. දිසානායක මහතා පෞද්ගලිකව දූෂිත ක්‍රමයකට තනතුරට පැමිණියේ නම්, එය හෙළිදරව් කිරීම කොමිසමේ ගෞරවය රැකීමක් මිස අපහාස කිරීමක් නොවන බව ද ගම්මන්පිල මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
ගම්මන්පිල මහතාට අනුව, රංග දිසානායක මහතා අධ්‍යක්ෂ ජනරාල් ධූරයට පත්වීමේදී අනුපිළිවෙලින් ‘මාරක’ පහක් පසු කර තිබේ. ඒ අතර, මූලික සුදුසුකම් නොමැතිව අයදුම්පතක් ඉදිරිපත් කිරීම, වැඩිම ලකුණු ලැබූ මාධව තෙන්නකෝන් මහතා වෙනුවට දෙදෙනාගේම නම් නිර්දේශ කිරීම සහ සභානායක බිමල් රත්නායක අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීමෙන් ව්‍යවස්ථාදායක සභාව නොමඟ යැවීම ප්‍රධාන වේ. දිසානායක මහතාගේ නිර්දේශකරුවන් දෙදෙනාම ආණ්ඩුකාරවරුන් වීම නිසා ඔහුගේ ස්වාධීනත්වය පිළිබඳව බරපතල ප්‍රශ්නයක් මතුවන බවත්, සභානායකවරයා විසින් ඔහුව රැක ගැනීමට කටයුතු කිරීම පිටුපස ආණ්ඩුවේ උවමනාවක් තිබූ බවත් ඔහු චෝදනා කරයි.
තවද, අසත්‍ය තොරතුරු මත ගත් තීරණය පිළිබඳව මහචාර්ය දිනේෂා සමරරත්න විසින් ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දුන්නද, ජනාධිපතිවරයා එය නොසලකා හැරීම සහ දිසානායක මහතාගේ පත්වීම අභියෝගයට ලක් කරමින් තිබූ නඩුව හදිසියේ අබිරහස් ලෙස ඉවත් කර ගැනීම මෙම ‘මාරක’ අතරට ඇතුළත් වේ. මෙම සමස්ත සිදුවීම් මාලාව අධ්‍යයනය කිරීමේදී, ජනාධිපතිවරයා විසින් “බොහොම අමාරුවෙන් අතට ගත්තු කේක් කෑල්ල නැවත මේස උඩ තබනවා වෙනුවට කටේ ඔබා ගැනීමක්” සිදුවී ඇති බවට ගම්මන්පිල මහතා චෝදනා කළේය. මෙම ගැටලුවලට පිළිතුරු ලැබෙන තුරු අල්ලස් කොමිසම පිළිබඳව පලුදු වුණු මහජන විශ්වාසය යළි ගොඩනැගීමට නොහැකි බව ගම්මන්පිල මහතා අවධාරණය කරයි.
හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත අහෝසි කළද, ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය කටයුතු ඊට යටත් නොවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (ඔක්තෝබර් 07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.