පෞද්ගලික හේතූන් මත තමාට අද දින පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය (FCID) හමුවේ පෙනී සිටීමට නොහැකි බව හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය නිල වශයෙන් දැනුම් දී තිබේ. ඒ අනුව අදාළ විමර්ශන සඳහා පෙනී සිටීමට ඇය විසින් සති දෙකක කාලයක් ඉල්ලා ඇති බව වාර්තා වේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ධුර කාලය තුළ ක්‍රියාත්මක වූ ‘සිරිලිය’ පදනමේ ගිණුම්වල සිදුව ඇති බව කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා ඇයට අද පෙරවරු 9.00ට එම කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස මීට පෙර දැනුම් දී තිබුණි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන දීර්ඝ විමර්ශනවලට අදාළව කරුණු විමසීම සඳහා මෙම කැඳවීම සිදුකර ඇති බව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වැඩිදුරටත් සඳහන් කරයි.