2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 15:13
නවතම පුවත්

හොර වීසා ගහලා පොලිසියට මාට්ටු!

මීගමුව, දළුවකොටුව ප්‍රදේශයේ නිවසක් තුළ ව්‍යාජ ලෙස වීසා බලපත්‍ර සකස් කරමින් පවත්වාගෙන ගිය හොර වීසා පොලක් පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් වටලනු ලැබ තිබෙනවා.

මෙම වැටලීමේදී රුපියල් දෙකෝටි හැටපන් ලක්ෂයක මුදලක්, කිලෝ එකහමාරක් බරැති රන් භාණ්ඩ, සහ ව්‍යාජ ලෙස සැකසූ ලිපි ලේඛන රැසක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වී තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ සේනාවිධායක නියෝජ්‍ය පොලිස්පති සමන්ත ද සිල්වා මහතා පැවසුවේ, වැටලීමේදී විවිධ රටවලට අයත් ව්‍යාජ වීසා බලපත්‍ර සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සොයා ගත් බවයි. ඒ අතර,

විවිධ රටවල වීසා අච්චු 05ක්

වීසා බලපත්‍ර සඳහා අන්තර්ගත කළ යුතු රටවල් කිහිපයකට අයත් එම්බෝස් මුද්‍රා 12ක්

ව්‍යාජ වීසා බලපත්‍ර ඇතුළත් කළ විදෙස් ගමන් බලපත්‍ර පිටු 11ක්

මෙරට විදෙස් ගමන් බලපත්‍ර 10ක්

බ්‍රිතාන්‍ය විදෙස් ගමන් බලපත්‍රයක් සහ ඉතාලි විදේශ ගමන් බලපත්‍රයක්

විවිධ රටවලට අයත් වීසා ස්ටිකර් 312ක්

ඇතුළු තවත් බොහෝ ද්‍රව්‍ය තිබී ඇත.

මෙම ජාත්‍යන්තර වීසා වංචාව සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටිනවා.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories