තීරුබදු රහිතව මෙරටට රැගෙන එන ලද නීති විරෝධී දුම්වැටි 9,200ක් සමඟ සැකකරුවන් දෙදෙනකු කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම වැටලීම ඊයේ (සැප්තැම්බර් 29) දහවල් කාලයේදී මෝදර පොලිස් වසමට අයත් වරාය ආසන්නයේදී සිදු කර ඇති බව පොලීසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 21 සහ 50 වයස්වල පසුවන්නන් වන අතර, ඔවුන් කතරගම සහ බ්ලූමන්ඩල් ප්රදේශවල පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇත.
සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන සඳහා මෝදර පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති අතර, මෝදර පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරයි.