හිටපු ජනාධිපතිවරුන්ට හිමිවන වරප්‍රසාද සහ දීමනා ඉවත් කිරීම සඳහා ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීරණය කථානායක ජගත් වික්‍රමරත්න මහතා විසින් අද පාර්ලිමේන්තුවට දැනුම් දෙන ලදී.
මෙම පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් කිහිපයක් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීරණයට එළඹ ඇති අතර, එහි සඳහන් වන්නේ පනතේ කිසිදු වගන්තියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බවයි.
මෙම පනත සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ සරල බහුතර ඡන්දයක් ප්‍රමාණවත් බවද ශ්‍රේෂ්ඨාධිකරණය නිර්දේශ කර ඇත. මෙම තීරණයත් සමඟම, පනත් කෙටුම්පත වැඩිදුරටත් සාකච්ඡා කර සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මාර්ගය විවෘත වී තිබේ.