හිටපු ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටියට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ අයැදුම්පත සැප්තැම්බර් 23 දක්වා කල් තබා තිබේ.
හිටපු ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතාට එරෙහිව ගොනු කර තිබූ අධිකරණයට අපහාස කිරීමේ අයැදුම්පත සැප්තැම්බර් මස 23 වැනි දා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.
ආන්දෝලනාත්මක වීසා ගනුදෙනුව සම්බන්ධයෙන් තමන්ට එරෙහිව ගොනු කර ඇති අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට හිටපු ආගමන විගමන පාලක ජනරාල්වරයා ජූලි 1 වැනි දා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ වරද පිළිගත්තේය.
ඒ අනුව, ඔහුගේ වරද පිළිගැනීමෙන් පසු සුදුසු දඬුවමක් ලබාදීම සඳහා සැප්තැම්බර් 23 වැනි දා දක්වා මෙම නඩුව කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.
මාස නවයකට අධික කාලයක් ඉලුක්පිටිය මහතා රක්ෂිත බන්ධනාගාර ගතව සිටියේය.