එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ නිල ක්‍රිකට් තරග සංචාරයක් සඳහා අද (19) උදෑසන දිවයිනට පැමිණියේය. ක්‍රීඩකයින් සහ නිලධාරීන් ඇතුළු 28 දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායම ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයට අයත් යානයකින් අද පෙරවරු 08.20ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟා විය.
මෙම සංචාරයේදී එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්දින ජාත්‍යන්තර තරග තුනකට සහ විස්සයි විස්ස තරග තුනකට සහභාගී වීමට නියමිතව ඇත. දිවයිනට පැමිණි එංගලන්ත කණ්ඩායම පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නියෝජිතයින් මෙන්ම ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් ගුවන්තොටුපොළේදී එක්ව සිටියහ. දෙරට අතර පැවැත්වෙන මෙම තීරණාත්මක සීමිත පන්දුවාර තරගාවලිය ඉදිරි දින කිහිපය තුළදී ආරම්භ වීමට නියමිතය.