අයවැය සහන දීමනාවලට අදාළ සංශෝධන පනත් තුනක් සහ ජාතික අවම වැටුප සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පතක් කථානායකවරයා විසින් ඊයේ (ජූලි 23) සහතික කිරීමත් සමඟ නීතිය බවට පත් විය. මේ අනුව සේවක වැටුප්වලට බලපාන ප්‍රධාන වෙනස්කම් කිහිපයක් සිදු වී තිබේ.
- 2025 අප්‍රේල් 1 සිට 2025 දෙසැම්බර් 31 දක්වා කාලය සඳහා ජාතික අවම මාසික වැටුප රුපියල් 27,000ක් දක්වා (රු. 9,500කින් වැඩි කිරීමක්) ඉහළ දමා තිබේ. දෛනික අවම වැටුප රුපියල් 1,080ක් (රු. 380කින් වැඩි කිරීමක්) දක්වා වැඩි වේ.
- 2026 ජනවාරි 1 සිට ජාතික අවම මාසික වැටුප රුපියල් 30,000ක් (තවත් රු. 3,000කින් වැඩි කිරීමක්) දක්වා ඉහළ යනු ඇත. දෛනික අවම වැටුප රුපියල් 1,200ක් (තවත් රු. 120කින් වැඩි කිරීමක්) දක්වා වැඩි වනු ඇත.
මේ නව නීති අනුව, මේ වන විට ලබා දෙන අයවැය සහන දීමනාව සේවකයන්ගේ වැටුප්වල කොටසක් බවට පත්වෙනවා. මෙම වෙනස්කම් 2025 අප්‍රේල් 1 වැනි දින සිට ක්‍රියාත්මකය.