ආපදා තත්ත්වය හමුවේ ඇතැම් පුද්ගලයන් සමාජ මාධ්‍ය ඔස්සේ වැරදි තොරතුරු සමාජගත කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
පසුගියදා ජනාධිපතිවරයා විසින් නිකුත් කළ හදිසි අවස්ථා ගැසට් පත්‍රය මගින් එවැනි පුද්ගලයන්ට එරෙහිව පියවරගැනීම සඳහා නීතිමය ප්‍රතිපාදන ලබාදී ඇති බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.
එවැනි පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසියට මෙන්ම ත්‍රිවිද හමුදා සාමාජිකයන්ටද බලය පැවරී ඇති බව පොලිසිය පෙන්වා දෙනවා.
එම නිවේදනය පහතින් කියවිය හැකියි.
