වනාතවිල්ලුව ප්‍රදේශයෙන් මසක් ඇතුළත අලි මරණ පහක් වාර්තා වී ඇති බව වනජීවී පශු වෛද්‍ය ඉසුරු කොට්ටගොඩ මහතා පවසනවා.
මෙම අලි මරණ සඳහා ප්‍රධාන හේතු වී ඇත්තේ වෙඩි තැබීම්, කඳන් පත්තු වීම් සහ වස දීම බවයි වනජීවී පශු වෛද්‍යවරයා සඳහන් කළේ.
මියගොස් ඇති අලි ඇතුන් අවුරුදු 10ත් 20ත් අතර වයසේ පසුවන අතර, ඔවුන් රාල්මඩුව, පරණ එළුවන්කුලිම සහ වනාතවිල්ලුව ඇතුළු විවිධ ස්ථානවලදී මරණයට පත්ව තිබෙනවා.
මෙම අලි මරණ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුවෙමින් පවතිනවා.