2025 අගෝස්තු 16 සෙනසුරාදා, 10:30
නවතම පුවත්

මේ වසරේ මේ දක්වා අලි 238ක් මරුට පුද්ගල මරණ 74ක්

මෙම වසරේ ගත වූ දින 203ක කාලය තුළදී විවිධ හේතුන් නිසා අලි 238 දෙනෙකු මියගොස් ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 2025 ජනවාරි 01 වැනිදා සිට ජූලි 22 වැනිදා දක්වා මෙම අලි මරණ වාර්තා වී තිබේ. වෙඩි වැදීම් (42), විදුලිසර වැදීම් (38), හක්ක පටස් (25), දුම්රියේ ගැටීම් (13), විෂ ශරීරගතවීම් (03), මාර්ග අනතුරු (01), වගා ළිංවල වැටීම් (03), සහ වෙනත් අනතුරු (02) මීට ඇතුළත් වේ.

වෙඩි තැබීම් හේතුවෙන් වැඩිම අලි මරණ සංඛ්‍යාවක් නැගෙනහිර වනජීවී කලාපයෙන් (11) වාර්තා වී තිබේ. ඊට අමතරව දකුණු වනජීවී කලාපයෙන් අලි මරණ 08ක්, අනුරාධපුර වනජීවී කලාපයෙන් 07ක්, වයඹ වනජීවී කලාපයෙන් 03ක් සහ පොලොන්නරුව වනජීවී කලාපයෙන් 04ක් වාර්තා වී ඇත. විදුලි සර සහ හක්ක පටස් හේතුවෙන් සිදුවූ අලි මරණ වැඩි සංඛ්‍යාවක් වාර්තා වන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයෙනි. එම දිස්ත්‍රික්කයෙන් වෙඩි වැදී සිදුවූ අලි මරණ 10ක් සහ හක්ක පටස් හේතුවෙන් අලි මරණ 08ක් වාර්තා වේ.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු දත්ත අනුව, 2023 වසරේදී වෙඩි තැබීම් හේතුවෙන් අලි මරණ 98ක්ද, 2024 වසරේදී 84ක්ද වාර්තා වී ඇත. මේ අතර, 2025 ජනවාරි මාසයේ සිට මේ දක්වා කාලය තුළ අලි පහරදීම් හේතුවෙන් පුද්ගලයන් 74 දෙනෙකු මියගොස් ඇති බවද වාර්තා වේ.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories