2026 මාර්තු 25 බදාදා, 06:00
නවතම පුවත්

අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්ගෙන් CIDයට පැමිණිල්ලක්

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය යටතේ සකස් කෙරුණු 6 ශ්‍රේණියේ ඉගෙනුම් මොඩියුලයකට අදාළව මතුව ඇති මතභේදාත්මක කරුණු සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද (31) පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. අදාළ ප්‍රකාශනයේ අඩංගු නොවිය යුතු කරුණු ඇතුළත් කිරීම පිටුපස කිසියම් බාහිර පාර්ශවයක මැදිහත් වීමක් පවතින්නේ දැයි යන්න පිළිබඳව එහිදී සැකය පළ විය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලේකම්වරයා සඳහන් කළේ, මෙම මොඩියුලය තුළ අඩංගු ඇතැම් කරුණු කුමන්ත්‍රණකාරී ලෙස බාහිර පාර්ශවයක් විසින් ඇතුළත් කර ඇති බවට සැක කරන බවයි. අධ්‍යාපන ක්ෂේත්‍රය සහ රජය අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් මෙවැනි අකටයුත්තක් සිදු කර ඇති පුද්ගලයින් කවුරුන්ද යන්න වහාම අනාවරණය කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහාය අපේක්ෂා කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙම මතභේදාත්මක කරුණු ඇතුළත් ලේඛනය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළ නාලක කළුවැව මහතා කියා සිටියේ, මෙය කිසිසේත්ම පෙළපොතක අවසාන මුද්‍රණය නොවන බවයි. ඕනෑම පෙළපොතක් හෝ මොඩියුලයක් නීත්‍යානුකූලව පාසල් දරුවන් අතට පත්වන්නේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිසි අධීක්ෂණය සහ අනුමැතිය යටතේ බවත්, එවැනි අනුමැතියකින් තොරව මෙවැනි ප්‍රකාශන නීත්‍යානුකූල නොවන බවත් ඔහු අවධාරණය කළේය.

අවසාන වශයෙන් මෙවැනි ප්‍රකාශනයක වගකීම අධ්‍යාපන දෙපාර්තමේන්තුව සතු වුවද, පද්ධතිය තුළට රහසිගතව මෙවැනි කරුණු ඇතුළත් කිරීම බරපතල තත්ත්වයක් බව ලේකම්වරයා පෙන්වා දුන්නේය. මෙම සිදුවීම හේතුවෙන් සමාජය තුළ ඇති වී තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය සමනය කිරීමටත්, සත්‍ය තත්ත්වය රටට හෙළි කිරීමටත් ඉදිරි විමර්ශන හරහා හැකි වනු ඇතැයි අමාත්‍යාංශය විශ්වාසය පළ කරයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories