2026 මාර්තු 25 බදාදා, 08:55
නවතම පුවත්

දිට්වා හේතුවෙන් බහාලුම් 5,000ක් වරායේ හිරවෙලා ?

‘දිට්වා’ සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් ඇති වූ ප්‍රමාදයන් සහ රේගු නිෂ්කාශන කටයුතු මන්දගාමී වීම නිසා කොළඹ වරාය තුළ ආහාර ඇතුළු විවිධ භාණ්ඩ සහිත ආනයනික බහාලුම් තොගයක් සිරවී ඇති බව බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති සනත් මංජුල මහතා කියා සිටින්නේ, කොළඹ වරායේ CICT අංගණයේ සහ අනෙකුත් අංගණවල බහාලුම් 5,000 කට ආසන්න සංඛ්‍යාවක් ගොඩගැසී තිබෙන බවය.

කෙසේ වෙතත්, රේගු මාධ්‍ය ප්‍රකාශක සහ රේගු අධ්‍යක්ෂ චන්දන පුංචිහේවා මහතා ප්‍රකාශ කර සිටියේ එවැනි විශාල බහාලුම් තොගයක් ගොඩගැසී නොමැති බවයි.
වරාය තුළ බහාලුම් 5,000කට ආසන්න සංඛ්‍යාවක් ගොඩගැසී ඇති බවට සංගමය චෝදනා කරයි. රථවලට පටවන ලද භාණ්ඩ සහිත බහාලුම් 400 ක් පමණ ද රේගු නිෂ්කාශන කටයුතු සඳහා වරායේ පෝලිම් තුළ රඳවාගෙන සිටීමට සිදුවී ඇතැයි ද ඔවුහු පවසති.

ප්‍රමාදයට හේතු: ‘දිට්වා’ සුළි කුණාටු තත්ත්වයත් සමග දින තුනක කාලයක් වරායේ කටයුතු සිදු නොවීම.
කොළඹ වරායේ රේගු නිෂ්කාශන මධ්‍යස්ථාන තුනෙන් එක් මධ්‍යස්ථානයක් ගංවතුරින් යටවීම.
අනෙකුත් රාජ්‍ය ආයතන නිලධාරීන්ගේ වාර්තා ප්‍රමාදය.
පැය 24 පුරා සේවයේ යෙදවීමට නිලධාරීන් නොමැතිවීම සහ රේගුවේ නිලධාරීන් ප්‍රමාණවත් නොවීම.
රේගු අංගණ බහාලුම් පරීක්ෂාවට ප්‍රමාණවත් නොවීම.

ආහාර පරීක්ෂණ ප්‍රමාදය: ආහාර පරීක්ෂණ වාර්තාවක් ලැබීමට දින තුනක පමණ කාලයක් ගත වීම.
දිනකට අවම වශයෙන් බහාලුම් 500 ක් නිදහස් කළ යුතු වුව ද, මේ වනවිට නිදහස් කෙරෙන්නේ 100 ත් 150 ත් අතර ප්‍රමාණයක් පමණි.
රේගු අධ්‍යක්ෂ චන්දන පුංචිහේවා මහතා මෙසේ පැවසීය:
“පසුගිය දවස්වල ටර්මිනල් වැඩ කරන්නේ නැතිව තිබුණා දවස් තුනක්. ඒ දවස්වල එකතු වෙච්ච කන්ටේනර් ඇති. වරාය තුළ සාමාන්‍ය කන්ටේනර් ප්‍රමාණයක් ඇති. හැබැයි 5,000 ක් නම් තියෙන්න විදිහක් නෑ.”

තදබදය වළක්වා ගැනීමට, රථවලට පටවන ලද භාණ්ඩ සහිත බහාලුම් සඳහා ගේට්ටුවෙන් එළියට යද්දී දෙන ‘ගේට් පාස්’ එක ඇතුළුවන අවස්ථාවේදී ගැනීමට අවස්ථාව දී ඇත. එම බහාලුම් පටවාගෙන එළියට යනතුරු ඔවුන් ‘හිරවෙලා’ යැයි කීම සිදුවිය හැකි බවත්, බහාලුම් 400ක් තියෙනවා නම් තියෙන්න පුළුවන් වන්නේ එම හේතුව නිසා බවත් හෙතෙම කියා සිටියේය.

නිෂ්කාශන ප්‍රමාදය පිළිගැනීම: ග්‍රේලයින් 01 රේගු අංගණය ගංවතුරට යටවීම නිසා එම අංගණයේ පරීක්ෂා කරන ලද බහාලුම් RCT අංගණයේදී පරීක්ෂා කිරීමට සිදුවීම හේතුවෙන් සුළු ප්‍රමාදයක් තිබෙන බව ඔහු පිළිගත්තේය.

දෙසැම්බර් මාසයේ ආරම්භයත් සමග බහාලුම් තදබදයක් ඇතිවන බවට බහාලුම් ප්‍රවාහන රථ සංගමය විසින් අදාළ අංශවලට කලින් දැනුම් දී තිබී ඇත. නත්තල් සහ අලුත් අවුරුදු සමය වෙනුවෙන් ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ සහිත විශාල බහාලුම් ප්‍රමාණයක් රටට ආනයනය කෙරෙමින් පවතින බැවින් තදබදයක් බලාපොරොත්තු වන බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයාද කීවේය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories