හෙරොයින් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් විශාල මුදල් තොගයක් සමඟ සැකකරුවෙකු පොළොන්නරුව පොලිසිය විසින් ඊයේ (ඔක්තෝබර් 17) දහවල් කාලයේදී අත්අඩංගුවට ගෙන ඇත.
පොළොන්නරුව පොලිස් වසමේ මාඔය, බැඳිවැව ප්‍රදේශයේදී ලද තොරතුරක් මත මනම්පිටිය නිල සුනඛ ඒකකයේ නිලධාරීන් සමඟ ඒකාබද්ධව සිදුකළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 02 මිලිග්‍රෑම් 300ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද බවට සැක කෙරෙන රුපියල් 30,24,900/-ක (තිස් ලක්ෂ විසි හතරදහස් නවසියයක්) මුදලක් සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 28ක් වන බැඳිවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් පොළොන්නරුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.