ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (06) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික වාර්තාවට අනුව එක්සත් ජනපද ඩොලරයේ අගය නැවතත් ඉහළ ගොස් තිබේ. ඒ අනුව ඩොලරයක ගැනුම් මිල රුපියල් 306.23 ක් ලෙස සටහන් වූ අතර විකුණුම් මිල රුපියල් 313.76 ක් ලෙස දැක්වේ.
අද දිනයේ මෙරට ප්‍රධාන වාණිජ බැංකු කිහිපයක ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත පරිදිය.
සම්පත් බැංකුවේ ඩොලරයක ගැනුම් මිල රුපියල් 306.75 ක් සහ විකුණුම් මිල රුපියල් 313.25 ක් වූ අතර, මහජන බැංකුවේ ගැනුම් මිල රුපියල් 306.43 ක් සහ විකුණුම් මිල රුපියල් 313.19 ක් ලෙස සටහන් විය. ලංකා බැංකුවේ ගැනුම් මිල රුපියල් 306.40 ක් සහ විකුණුම් මිල රුපියල් 313.40 ක් ලෙස දක්වා තිබුණි.
මීට අමතරව කොමර්ෂල් බැංකුවේ ඩොලරයක ගැනුම් මිල රුපියල් 304.74 ක් සහ විකුණුම් මිල රුපියල් 313.25 ක් ලෙස සටහන් වූ අතර, අමානා බැංකුව අද දිනයේ ඩොලරයක ගැනුම් මිල රුපියල් 308.10 ක් සහ විකුණුම් මිල රුපියල් 312.10 ක් ලෙස වාර්තා කර තිබුණි.