2026 මාර්තු 29 ඉරිදා, 13:30
නවතම පුවත්

දියගම රක්ෂිතයට “ආරක්ෂක වැටක්”. ක්‍රීඩා ඇමැතිගෙන් හදිසි නියෝගයක්!

ක්‍රීඩා සංකීර්ණය සංවර්ධනය කළත් එක ගසක්වත් කැපීමට ඉඩ නොදෙන බවට සහතිකයක්. දියගම “පරිසර හිතකාමී සංචාරක කලාපයක්” කිරීමට සැළසුම්.

හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණය සංවර්ධනය කිරීමේදී අවට ඇති වටිනා වන පද්ධතියට කිසිදු හානියක් වීමට ඉඩ නොතබන බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අවධාරණය කරයි.

ඊයේ (ජනවාරි 07) දියගම ක්‍රීඩා සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, පවතින පරිසර පද්ධතිය සුරකිමින් “පරිසර හිතකාමී සංචාරක” (Eco-friendly Tourism) කලාපයක් ලෙස මෙම ප්‍රදේශය ප්‍රවර්ධනය කිරීමට පියවර ගන්නා බවයි.

වන අභ්‍යන්තරය පරීක්ෂා කිරීමේදී, පිටස්තර පුද්ගලයින් අනවසරයෙන් ඇතුළු වී කැළි කසළ බැහැර කිරීම සහ පරිසරයට හානිකර ක්‍රියාකාරකම් සිදුකිරීම නිසා වනාන්තරයට සිදුව ඇති හානිය අමාත්‍යවරයාගේ විශේෂ අවධානයට යොමු විය. ඒ අනුව ගනු ලැබූ ක්ෂණික තීරණ කිහිපයකි:

  1. ආරක්ෂක වැටක් ඉදිකිරීම: වනාන්තර සීමාවන් වටා වහාම ආරක්ෂක වැටක් ඉදි කිරීමට නියෝග කෙරිණි.
  2. අපරාධ මැඩලීම: අනවසර ඇතුළුවීම් සහ වන විනාශයන් වැළැක්වීමට දැඩි නීතිමය ක්‍රියාමාර්ග සහ නිරීක්ෂණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම.
  3. ස්වේච්ඡා මෙහෙයුම: ජාතික යොවුන් සේවා සභාවේ “දශ ලක්ෂයේ ස්වේච්ඡා බලකාය” (One Million Volunteers) යොදාගෙන පරිසර ක්‍රියාකාරීන් සමඟ එක්ව මෙම කලාපය පිරිසිදු කර සංවර්ධනය කිරීම.

මෙම සංචාරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී අරුණ පානගොඩ මහතා, මහා සංඝරත්නය, රාජ්‍ය නිලධාරීන් සහ පරිසර ක්‍රියාකාරීන් පිරිසක් සහභාගී වූහ. ක්‍රීඩා අමාත්‍යාංශය සහ පරිසරවේදීන් එක්ව මතු පරපුර උදෙසා මෙම දියගම වන පියස සුරක්ෂිත කරමින් ක්‍රීඩා සංකීර්ණය සංවර්ධනය කිරීමට මෙහිදී එකඟතාවකට පැමිණ තිබේ.

“සංවර්ධනය කියන්නේ ගස් කපා දමා කොන්ක්‍රීට් වනාන්තර හැදීම නෙවෙයි. අපි දියගම දියුණු කරන්නේ සොබාදහමට ගරු කරමින්.” – අමාත්‍ය සුනිල් කුමාර ගමගේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories