2026 මාර්තු 20 සිකුරාදා, 15:17
නවතම පුවත්

අනතුරට පත් ධීවරයින් සිව්දෙනා හම්බන්තොට වරායට

දෙවුන්දරින් මුහුදු ගොස් අනතුරට ලක්වී දිවි බේරාගත් ධීවරයින් සිව්දෙනා දින 13කට පසුව නාවික හමුදාව විසින් අද (ඔක්තෝබර් 31) අලුයම 5ට පමණ හම්බන්තොට වරායට රැගෙන විත් තිබේ.

ධීවරයින් 6 දෙනෙකු සමඟ මෙම බහුදින යාත්‍රාව අගෝස්තු මස 31 වන දින ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් ඇති අතර, යාත්‍රාවේ හිමිකරු විසින් එය පසුගිය 16 වන දින සිට අතුරුදන්ව ඇති බවට ධීවර දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත.

ධීවර යාත්‍රාව අනතුරට ලක්ව තිබුණේ මෙරට ගිනිකොන දිග මුහුදු ප්‍රදේශයේ නාවික සැතපුම් 300ක පමණ දුරින්ය. යාත්‍රාවේ සිටි ධීවරයින් 6 දෙනාගෙන් එක් අයෙකු මුහුදට වැටී අතුරුදන්ව ඇති අතර, තවත් අයෙක් දින 11කට පමණ පසුව මියගොස් තිබේ.

අනතුරට ලක් වූ යාත්‍රාව තුළ සිටි ධීවරයින් සිව්දෙනෙකු ඉන්දුනීසියානු ධීවර යාත්‍රාවක් මඟින් බේරාගෙන තිබුණේ, අදාළ ධීවර යාත්‍රාව ආසන්නයෙන් ගමන් කරමින් තිබිය දීය. ඒ අනුව එම ධීවරයින් මුදාගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් සිදුරළ නෞකාව පිටත්කර හැරීමට නාවික හමුදාව කටයුතු කර තිබුණි.

ඒ අනුව විශේෂ නාවික කණ්ඩායමක් ඊයේ (ඔක්තෝබර් 30) පිටත්කර යැවුණේ වෙළෙඳ නෞකාව විසින් රැගෙන එනු ලැබූ ධීවරයින් ලබාගැනීම සඳහාය.

මෙලෙස අද උදෑසන හම්බන්තොට වරායට රැගෙන ආ ධීවරයින් සිව්දෙනා මේ වනවිට ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට යොමුකර ඇත. ඒ අතරින් ධීවරයින් දෙදෙනෙකු දැඩි ලෙස දුර්වල තත්ත්වයේ සිට ඇති බව වාර්තාවේ.

සිදුරළ නෞකාවේ කපිතාන් මහේෂ් කුලසිරි මහතා පවසා සිටියේ, අදාළ ධීවරයින් දින 13ක් පමණ මුහුදේ පාවෙමින් සිට ඇති බවය.

මියගිය එක් ධීවරයෙක් හම්බන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඊ. ඩී. ආර්. නවෝදන වන අතර, මියගිය අනෙක් පුද්ගලයා දෙවුන්දර ප්‍රදේශයේ පදිංචිව සිටි එච්. එච්. ඒ. ඩි. සුරංග යන අයයි. ඉන්දුනීසියානු නෞකාව විසින් මියගිය ධීවරයින්ගේ මෘත ශරීර භාරගැනීමට කැමැත්ත පළ කර නොමැති වීම හේතුවෙන් එම මළ සිරුරු අතහැර දමා පැමිණ ඇත.

දිවි බේරාගෙන ඇත්තේ, පෝෂිත නිමන්ත, ශානක අමිල, ඕෂාන් මදුසංක, ධම්මික ලක්මාල් යන සිව්දෙනාය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories