පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි දිවයින පුරා ක්‍රියාත්මක කළ අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම්වලට අදාළව ඊයේ (ඔක්තෝබර් 15) දිනය තුළ පුද්ගලයින් 3,504 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම මෙහෙයුම්වලදී රථවාහන වැරදිවලට අදාළව පුද්ගලයින් 28,020 දෙනෙකු පරීක්ෂා කර ඇත.
අත්අඩංගුවට ගත් පිරිස අතර, සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් 577 දෙනෙක්, අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයින් 17 දෙනෙක්, වරෙන්තුකරුවන් 269 දෙනෙක් සහ විවෘත වරෙන්තුකරුවන් 144 දෙනෙක් සිටින බවට වාර්තා වේ.
එමෙන්ම, බීමත් රියදුරන් 15 දෙනෙක් සහ අපරික්ෂාකාරී රිය පැදවීම් සම්බන්ධයෙන් 13 දෙනෙක් ද මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත.