දිට්වා සුළි කුණාටුවෙන් අර්ධ හානි වූ නිවාස සඳහා රජය ලබාදෙන රුපියල් ලක්ෂ පහක දීමනාව ගෙවීමේ කටයුතුවලින් අද දින (19 වෙනිදා) සිට ඉවත්වීමට ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති සන්ධානය තීරණය කර ඇති අතර, අදාළ ගෙවීම් සම්බන්ධයෙන් නිකුත් කර ඇති චක්‍රලේඛයේ පවතින බරපතළ අඩුපාඩු හා එම ක්‍රියාවලිය විධිමත් නොවීම මෙම තීරණයට හේතු වූ බව එම සන්ධානයේ සම සභාපති නන්දන රණසිංහ මහතා සඳහන් කරයි.
මීට පෙර මෙම දීමනා ගෙවීමේ ක්‍රියාවලියෙන් ප්‍රාදේශීය ලේකම්වරුන් සහ රජයේ ගණකාධිකාරීවරුන් ද ඉවත් වී තිබූ පසුබිමක එහි වගකීම ග්‍රාම නිලධාරීන් වෙත පැවරුණ ද, පවතින ගැටලුකාරී තත්ත්වයන් මෙන්ම ආපදා රාජකාරි සඳහා තමන්ට ප්‍රමාණවත් දීමනාවක් හිමි නොවන බවට පවසමින් ඔවුහු ද මෙලෙස වර්ජනයට එක්ව සිටී.