ශ්‍රී ලංකාවට බටහිර දෙසින් වූ ගැඹුරු මුහුදේදී ශ්‍රී ලංකා නාවික හමුදාව භාරයට ගත් මත්ද්‍රව්‍ය සහිත බවට සැක කෙරෙන බහුදින ධීවර යාත්‍රාව මේ වනවිට දික්ඕවිට ධීවර වරායට රැගෙනවිත් තිබේ.
මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරන බවට සැක කෙරෙන මෙම බහුදින ධීවර යාත්‍රාව නාවික හමුදාව ඊයේ (නොවැම්බර් 01) සිදු කළ මෙහෙයුමකදී සිය භාරයට ගෙන තිබුණි.
ශ්‍රී ලංකාවට බටහිර දෙසින් වූ ගැඹුරු මුහුදේ මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන ද්‍රව්‍ය තොගයක් අඩංගු බහුදින ධීවර යාත්‍රාවක් යාත්‍රා කරමින් පවතින බවට නාවික හමුදාවට ලැබුණු විශ්වසනීය තොරතුරක් මත මෙම මෙහෙයුම දියත් කර ඇත.
නාවික හමුදාවට අයත් දිගුදුර නාවික නෞකා යොදාගනිමින් මෙම යාත්‍රාව භාරයට ගෙන ඇති අතර, යාත්‍රාවේ සිටි සැකකරුවන් 6 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබුණි.
සැකකරුවන් සමඟ අදාළ බහුදින ධීවර යාත්‍රාව ඉදිරි විමර්ෂණ කටයුතු සඳහා මේ වනවිට දික්ඕවිට ධීවර වරායට රැගෙනවිත් ඇත.