ඛනිජ තෙල් සංස්ථාවට රු. මිලියන 800ක පාඩුවක් කිරීමේ චෝදනාව මත ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංග අල්ලස් කොමිසමේ අත්අඩංගුවටගෙන තිබේ.
ඒ, 2017 – 2018 වර්ෂ සඳහා සංස්ථාව වෙත ඉන්ධන මිලදී ගැනීමට නියමිතව තිබූ දිගුකාලීන ටෙන්ඩර් තුනක් අවලංගු කර ඒ වෙනුවට වැඩි මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් ක්‍රියාත්මක කිරීමට සිදුවීමෙන් සංස්ථාවට රුපියල් මිලියන 800කට ආසන්න පාඩුවක් සිදුකිරීමේ චෝදනාව මතය.