අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා ඇප මත මුදා හැරීමට ගම්පහ අධිකරණය අද (ජනවාරි 09) නියෝග කළේය.
සැකකාර හිටපු අමාත්‍යවරයා අද දින ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම ඇප නියෝගය ප්‍රකාශයට පත් කරන ලදී.
මෙම නඩුවට පාදක වී ඇත්තේ 2001 වසරේදී ඩග්ලස් දේවානන්දා මහතාගේ පෞද්ගලික පරිහරණය සඳහා යුද හමුදාවෙන් ලබා දී තිබූ ගිනිඅවියක් සම්බන්ධ සිදුවීමකි. 2019 වසරේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ මාකඳුරේ මදුෂ් නමැත්තාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී මෙම ගිනිඅවිය සොයා ගැනුණු අතර, ඒ සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළව හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන තිබුණි.
අධිකරණ නියෝගය ප්‍රකාරව සැකකරු ඇප මත මුදා හැරුණු අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.