මීට පෙර මෙම ධූරයේ කටයුතු කළ කර්නල් නලින් හේරත් මහතා විශ්‍රාම ගැනීමෙන් පසු බ්‍රිගේඩියර් ෆ්‍රන්ක්ලින් ජෝසප් මහතා අද (ජූලි 26) එම ධූරයේ වැඩ භාර ගත් බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේය.
නව මාධ්‍ය අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක ලෙස පත්වීමට පෙර, බ්‍රිගේඩියර් ෆ්‍රන්ක්ලින් ජෝසප් මහතා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු බලකායේ රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස ද කටයුතු කර ඇත.