19න් පහළ ලෝක කුසලාන එක්දින ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකාව සහ අයර්ලන්තය අතර තීරණාත්මක තරගය අද දින (ජනවාරි 19 වෙනිදා) පැවැත්වේ. විමත් දිනසරගේ නායකත්වයෙන් යුත් ශ්රී ලංකා කණ්ඩායම මෙම තරගයට පිවිසෙන්නේ පසුගියදා ජපානයට එරෙහිව ලකුණු 203ක දැවැන්ත ජයග්රහණයක් ලබාගත් පූර්ණ විශ්වාසයෙනි.
එම තරගයේදී පළමුව පන්දුවට පහරදුන් ශ්රී ලංකා යොවුන් පිල නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 4කට ලකුණු 387ක් රැස් කළ අතර, ජපානයට ලබාගත හැකි වූයේ ලකුණු 184ක් පමණි. ඔලිවර් රිලේගේ නායකත්වයෙන් යුත් අයර්ලන්ත කණ්ඩායම සමඟ අද පැවැත්වෙන මෙම තරගය ජයග්රහණය කරමින් ‘A’ කාණ්ඩයේ පෙරමුණ තහවුරු කරගැනීම ශ්රී ලංකාවේ අරමුණ වී තිබේ.