සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේට එරෙහි පැවති අවසාන තීරණාත්මක විස්සයි විස්ස තරගය කඩුලු 8ක ජයග්‍රහණයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. මෙහිදී කමිල් මිෂාර සහ කුසල් ජනිත් පෙරේරා ඇතුළු ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ විශිෂ්ට දක්ෂතාවයක් දැක ගැනීමට හැකි වීම ද සුවිශේෂීත්වයකි.
පෙරේදා (07) හරාරේ ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයේදී පළමුව පිතිකරණය කළ සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දු වාර 20ක් අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 191ක් රැස් කිරීමට සමත් විය. එයට පිළිතුරු ඉනිම ලෙස පිටියට පැමිණි ශ්‍රී ලංකා පිතිකරුවන් ශක්තිමත් ඉනිමක් ගොඩනගමින් පන්දු වාර 17යි පන්දු 4කින් පසු කඩුලු 2ක් පමණක් දැවී අවශ්‍ය ලකුණු ඉලක්කය සපුරා තරගයේ ජය දිනා ගත්තේය.
මෙම ජයග්‍රහණය සමඟ තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය 2–1ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ජය ලබා ගත්තාය.