2026 මාර්තු 25 බදාදා, 04:00
නවතම පුවත්

කොළඹ වරාය ඉතිහාසගත වෙයි: 2025 දී මෙතෙක් වැඩිම බහාලුම් ප්‍රමාණයක් හසුරුවයි!

පසුගිය 2025 වසරේදී කොළඹ වරාය, මෙහෙයුම් කටයුතු සිදුකළ බහාලුම් ප්‍රමාණය අනුව වරාය ඉතිහාසයේ වාර්තාවක් පිහිටුවා තිබේ. වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය නිකුත් කළ දත්තවලට අනුව, 2025 වසරේදී අසූ දෙලක්ෂ අනූදාහක් (8,290,000) වන බහාලුම් ප්‍රමාණයක් මෙහෙයවා ඇති අතර, මෙය 2024 වසරට සාපේක්ෂව 6%ක වර්ධනයකි. 2024 වසරේදී මෙහෙයවා ඇති බහාලුම් ප්‍රමාණය හැත්තෑහක් ලක්ෂයකි (7,000,000).

මෙම වාර්තාගත මෙහෙයුම් සඳහා කොළඹ වරාය තුළ ඇති ජයබහලු පර්යන්තය, නැගෙනහිර බහාලු පර්යන්තය, චීනයේ SAGT පර්යන්තය සහ ඉන්දීය අදානි සමාගමට අයත් CICT බහාලු පර්යන්තය යන සියල්ලේ දායකත්වය ලැබී තිබේ. මෙම සුවිශේෂී ජයග්‍රහණය ඇගයීම සඳහා වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු නැගෙනහිර පර්යන්තයේදී විශේෂ වැඩසටහනක් ද පැවැත්විණි. නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු, අමාත්‍යාංශ ලේකම් W.W.S. මංගල යන මහත්වරුන් ඇතුළු වරාය අධිකාරියේ සහ අනෙකුත් පර්යන්තවල ප්‍රධානීන් රැසක් මේ සඳහා එක්ව සිටියහ.

කොළඹ වරාය කේන්ද්‍රීය වරායක් ලෙස සිය ස්ථාවරය තවදුරටත් ශක්තිමත් කර ගනිමින් 2026 වසරේදී ප්‍රති නැව්ගත කිරීම් (transshipment) සහ ලොජිස්ටික් පහසුකම් වැඩි දියුණු කිරීමට ද සැලසුම් කර ඇත. අමාත්‍යාංශය අපේක්ෂා කරන්නේ 2026 වසරේදී වරාය අධිකාරිය සතු නැගෙනහිර බහාලු පර්යන්තයේ සහ බටහිර පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට හැකිවීමත් සමඟ දැවැන්ත බහාලුම් ප්‍රමාණයක් මෙහෙයවීමට කොළඹ වරායට හැකි වනු ඇති බවයි.

මෙම වර්ධනය 2026 වසරේ රටේ සමස්ත ආර්ථික වර්ධනයට සැලකිය යුතු දායකත්වයක් වනු ඇතැයි අමාත්‍යාංශය විශ්වාසය පළ කරයි. මේ වන විට ලෝකයේ ප්‍රමුඛතම නාවික සමාගම් රැසක් කොළඹ වරායේ මෙහෙයුම් කටයුතු පිළිබඳ සිය ප්‍රසාදය පළ කර ඇති අතර, එම නැව් සමාගම් ද කොළඹ වරායේ මෙහෙයුම් කටයුතුවලට එක් වීමට නියමිත බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories