රට තුළ ඇති වී තිබෙන ආපදා තත්ත්වය හමුවේ අනවශ්‍ය කලබලයක් ඇති කර නොගෙන, භාණ්ඩ විශාල ලෙස තොග රැස් කිරීමෙන් වළකින ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (CMA) ජනතාවගෙන් ඉල්ලා සිටී.
තමන්ට අවශ්‍ය ප්‍රමාණයට පමණක් භාණ්ඩ මිලදී ගන්නා ලෙස ජනතාවට දැනුම් දෙන එම අධිකාරිය, නිසි ක්‍රමවේදයක් යටතේ ජනතාවට අවශ්‍ය භාණ්ඩ ප්‍රමාණය පමණක් නිකුත් කරන ලෙස සුපිරි වෙළෙඳසැල්වලින් සහ වෙළෙඳුන්ගෙන් ඉල්ලීමක් කරයි.
පවතින මිල ගණන්වලට හා සාධාරණ මිල ගණන් යටතේ පමණක් භාණ්ඩ අලෙවි කරමින් මෙම අවස්ථාවේ දී රජයට සහ රටට සහාය පළ කරන ලෙස ව්‍යාපාරික ප්‍රජාවට දැනුම් දී තිබේ.එසේ නොමැති වෙළෙඳුන් සොයා දිවයින පුරා විශේෂ වැටලීම් සිදු කරන බවත්, භාණ්ඩ සාධාරණ ලෙස අලෙවි නොකරන වෙළෙදුන්ට දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් අධිකාරිය පැවසීය.
මිල සම්බන්ධයෙන් අපහසුතා පවතින්නේ නම්, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සෘජුව අමතා තොරතුරු ලබා දෙන ලෙස ජනතාවට දැනුම් දී ඇත.
මීට අමතරව, ආධාර එකතු කිරීම සඳහා නිවාසවලට පැමිණෙන වගකීම් රහිත පුද්ගලයින් ගැන අවධානය යොමු කරන ලෙසද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.