2026 මාර්තු 18 බදාදා, 11:50
නවතම පුවත්

පිළිකා ඖෂධ හිඟය සහ ප්‍රමිතියෙන් තොර ඖෂධ ගැන CID විමර්ශනයක් ඉල්ලයි

මෙරට පිළිකා රෝහල් පද්ධතිය තුළ පවතින දැඩි ඖෂධ හිඟය සහ වෙළෙඳපොළේ ඇති ලියාපදිංචි නොකළ ඖෂධ පිළිබඳව සොයා බලන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) අද (26) පැමිණිල්ලක් ඉදිරිපත් කෙරිණි. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සහ ස්වාධීන වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු වෛද්‍ය චමල් සංජීව මහතා විසින් මෙම පැමිණිල්ල ගොනු කරන ලදී.

මෙහිදී අදහස් දැක්වූ වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දුන්නේ පිළිකා ඖෂධ වර්ග 40කට ආසන්න ප්‍රමාණයක තොග රෝහල් සතුව නොමැති බවයි. මේ හේතුවෙන් රෝගීන්ට ඉතා ඉහළ මිලක් ගෙවා බාහිරින් ඖෂධ ලබා ගැනීමට සිදුව ඇති අතර, එලෙස අලෙවි වන සමහර ඖෂධවල ගුණාත්මකභාවය පිළිබඳව බරපතළ සැකයක් පවතින බව ඔහු පැවසීය. ලියාපදිංචි නොකළ ඖෂධවල අඩංගු ද්‍රව්‍ය පිළිබඳව නිසි සහතිකයක් නොමැති වීම රෝගීන්ගේ ජීවිත අවදානමට ලක් කරන්නක් බව වෛද්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා මෙහිදී ප්‍රකාශ කළේ මෙරටට ගෙන්වන ඖෂධවල ගුණාත්මකභාවය සහ ඒවායේ ලියාපදිංචිය තහවුරු කිරීම රජය සතු සෘජු වගකීමක් බවයි. පවතින ඖෂධ මාෆියාව සහ රෝගී සත්කාරක සේවාවන්හි බිඳ වැටීම සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටියහ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories