සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේ වත්මන් විදුහල්පතිනිය වන සුමේධා ජයවීර මහත්මිය සිය තනතුර සහ බලය අවභාවිත කරමින්, එම විද්‍යාලයේම ආදි ශිෂ්‍යාවන් ඉලක්ක කරගනිමින් දියත් කර ඇති මර්දනකාරී සහ පලිගැනීමේ ක්‍රියාවලිය පිළිබඳව බරපතළ චෝදනා රැසක් එල්ල වී තිබේ. ඒ පිළිබඳ දුල්ශි සාවින්ද්‍යා මෙලෙස සටහනක් සිය ෆේස්බුක් ගිණුමට එක් කොට තිබුණි.
උපුටා ගැනීම
” සුමේධා ජයවීර හා සබැඳි මේ කාරණාව සම්බන්ධව නැවත ලියන්න සිදුවීම විම කාන්තාවක් වශයෙන් ඉතාම ශෝචනීයයි.
2022 වසරේදී මගේ පාසලේ දියණියන්ට එල්ල වූ අසාධාරණ ක්‍රියා කලාපයට විරුද්ධ වීම හේතුවෙන් සුමේධා ජයවීර, මා වසර 13ක් අධ්‍යාපනය ලැබූ පාසලේ ආදි ශිෂ්‍ය සංගමයට මාව බඳවා ගැනීම වැළැක්වීමට එවකට සංගමයේ උප සභාපතිට උපදෙස් දීම සමග මාගේ සාමාජිකත්වය ලබා ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශ අධ්යක්ෂතුමා හරහා සිදු කර ගැනීමට මට සිදු විය. මේ අවස්ථාවේදී අධ්යක්ෂ කිත්සිරි මහතා ඉදිරියේ සුමේධා ජයවවීරට දැඩිව අවධාරණය කර සිටියේ.. “ඇය සිදු කරන්නේ රාජ්‍ය සේවයක් බවත්, පාසලක අයිතිය ඇත්තේ එහි උගත් හා ඉගෙනුම ලබන සිසුන්ට පමනක්ම බවත්ය.” මෙහි කරුන නම්, ඇය නැවත වරක් මේ මැරවරියක ගේ ස්වරූපය ආරූඪ කර ගෙන ඇති පසුබිමක, චනිත්මා ගේ ආදි ශිෂ්‍ය සාමාජිකත්වය උගුල්ලා දැමීමට සිරිමාවෝ ආදි ශිෂ්‍ය සංගමයට යෝජනා සිදු කිරීමයි.
අධ්‍යාපන අමාත්‍යාංශ සතු සුමේධා ජයවීර ගේ ගොනුවට අනුව, මෑ, කොළඹ විසාකා විද්‍යාලයට විදුහල්පති පත්වීම සඳහා තෝරා නොගැනීම හේතුවෙන් අමාත්‍යාංශට විරුද්ධව නඩු පවරා පරාද විය.
කොළඹ රාජකීය විද්‍යාලයෙ හිටපු විදුහල්පති තුමාට විරුද්දව මානව අයිතිවාසිකම් නඩුවක් ගොනු කරන ලදී.
වසර 9ක මිලාගිරිය SPM එකේ සේවයට අදාලව, දියණියකගේ මවකට සාවද්‍ය ලෙසින් බැන වදිමින්, SDS සාමාජික පිය වරුන් වූ නලින් ගමගේ හා දිල්රුක් යොදවා විදුහල්පති කාමරයේ දී එම කාන්තාවට පහරදීමට තැත් කිරීම සම්බන්ධව නඩුව සියලු සාක්ෂි සහිතව ඇයට විරද්ධව සිදු කෙරෙන අතර,
ළමා ආරක්ෂන අධිකාරියේ ඇය විසින් ප්‍රසිද්ධියේ බැන වැදී පීඩා කරන ලද දැරියගේ විමර්ෂණයට අදාල ලිපි ගොනුද ඇතුළත්ව ඇත.
2022 වර්ෂයට අදාල ලක්ෂ 31ක මුදල් අවභාවිතය සම්බන්ද සියලු තොරතුරු හා අධිකරණ ක්‍රියා මාර්ග එහි ඇතුළත් වේ.
ගුරුතුමියක් රදවා බැන වැදී පීඩා කිරීමට අදාල මානවහිමිකම් නඩුව සුමේධා ජයවීර පරාද වූ අතර එහි ලිපි ලේඛනද ඇගේ ගොනුවේ සතුවේ.
පහු ගිය වසර 9ට තුල SPM එකට අදාල පළමු වසර බඳවා ගැනීමේ සියලු ලිපි ලේඛන මෑ විසින් විනාශ කොට ඇති අතර,
අමාත්‍යංශෙ සතු මේ විමර්ශන ගොනු වලට අනුව සුමේධා හට කිසිදු increment , promotion හෝ service එකට අදාළ වරප්‍රසාදයක් ලබා ගත නොහැකි තරම් විනය ගැටලු තියෙන කෙනෙක්, නමුත් ඇය සිරිමාවො විදුහලට හොර පාරෙන් විදුහල්පති වුණ අයුරු ඇත්ත වශයෙන්ම සොයා බැලිය යුතුයි.
කාන්තාවක් හා කාන්තා පාසලක විදුහල්පතිනිය වශයෙන් මේ මොහොතේදීත් සුමේධා ගේ ක්‍රියා කලාපය ඉතාම පහත් හා ශෝචනීය තත්ත්වයක දක්නට ඇත. පාසල තුල හා පිටත කණ්ඩායම් හසුරුවමින්, සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේ ඉගෙනුම ලැබූ චනිත්මා හට පහර ගැසීමට ඇය තමා සතු සියලු බලය භාවිතා කරන අතර, ඒ සදහා අවසරයකින් තොරව (without consent) ඇය නබාශි සිසුවියගේ ඡායාරූපය සහිතව විස්තර ඇතුලත් සටහන් සමාජ මාධ්‍ය හරහා බෙදා හරිමින් විදුහල්පතිනියකට නොහොබිනා කර්ථාව්යක යෙදී සිටී!! (Proofs attached)
I would like to sincerely thank the PPA of Sirimavo Girls’ School for standing firm during this critical situation and for safeguarding the good name of the school, as well as protecting the two students who were affected by the actions of the principal and certain fellow teachers. I also acknowledge the SDS parents who chose to criticize and circulate negative narratives about one of their own school’s talented old girls, someone who, during her time at Sirimavo, brought immense pride to the school through her outstanding achievements and numerous trophies. In moments like these, integrity, fairness, and unity truly define an institution, and it is my hope that these values will continue to guide all those entrusted with the school’s legacy. 💝”
උපුටා ගැනීම අවසන්
මෙවැනි බරපතළ විනය ගැටලු සහ නඩු පවතින පසුබිමක, කිසිදු උසස්වීමකට හෝ වරප්‍රසාදයකට හිමිකම් නොකියන ඇය සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ විදුහල්පති ධුරයට පත්වූයේ කෙසේද යන්න පිළිබඳව ද මේ වන විට ප්‍රශ්නාර්ථයක් මතුව ඇත.