අද (01) දිනය ලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනය ලෙස සමරනු ලබයි.
මෙවර ලෝක ළමා දිනය “ආදරෙන් සුරකින්න – අපිට ලොව දිනන්නට” යන තේමාව යටතේ ද, ලෝක වැඩිහිටි දිනය “පරපුරක් තැනූ පරපුරක් රැකගනිමු” යන තේමාව යටතේ ද පැවැත්වේ.
දිවයින පුරා පාසල්වලදී ළමා දිනය සම්බන්ධව විවිධ උත්සව සහ ක්‍රියාකාරකම් සංවිධානය කර ඇති අතර, ළමා දිනය වෙනුවෙන් පසුගිය 25 වැනිදා සිට ජාතික ළමා සතිය ක්‍රියාත්මක විය.
එමෙන්ම වැඩිහිටි දිනය වෙනුවෙන් අද (01) සිට 7 වැනිදා දක්වා විශේෂ සැමරුම් සතියක් ද ක්‍රියාත්මක කිරීමට නියමිතය.