කොළඹ කින්ස්බරි හෝටලයේදී පැවති සාකච්ඡාවකදී තමන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික මත්පැන් නිෂ්පාදනාගාර බලපත්‍රයක් ලබාදීමේ ගනුදෙනුවකට (ඩීල් එකකට) සම්බන්ධ වූ බවට පළවන වාර්තා අසත්‍ය බව කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා සඳහන් කරයි.
රටේ ආර්ථිකයට ආයෝජකයින් සම්බන්ධ කර ගැනීම සහ ඔවුන් නිවැරදිව රජය හා සම්බන්ධ කරවීම තම වගකීමක් හා යුතුකමක් ලෙස සලකන බව ද හෙතෙම කියා සිටී.
මෙම චෝදනා එල්ල කරන පුද්ගලයන් සම්බන්ධයෙන් නීති ක්‍රියාමාර්ග ගැනීමට දෙවරක් නොසිතන බව නියෝජ්‍ය අමාත්‍යවරයා තම සමාජ ජාල ගිණුමේ සටහනක් පළ කරමින් ප්‍රකාශ කර තිබේ.
ඔහු මෙම අදහස් පළ කර ඇත්තේ හිටපු පළාත් සභා මන්ත්‍රී වරුණ රාජපක්ෂ මහතා තම සමාජ ජාල ගිණුමේ පළ කර තිබූ වීඩියෝවක හෙළිදරව්වකට ප්‍රතිචාර ලෙස බව වාර්තා වේ.