හිටපු අමාත්‍ය රමේෂ් පතිරණ මහතා , රනිල් ව්ක්‍රමසිංහ මහතාගේ කදවුරෙන් මිදී නැවත පොහොට්ටුවට එක්වූ බවත් ඔහුට පොහොට්ටුවේ බෙන්තර – ඇල්පිටිය සංවිධායක ධූරය හිමිවූ බව වාර්තා වේ.
රමේෂ් පතිරණගේ මෙන්ම ඔහුගේ පියා වූ ප්‍රවීණ දේශපාලනඥයෙකු වූ හිටපු අමාත්‍යය රිචඩ් පතිරණ මහතාගේ නිජබිම ගාල්ලේ අක්මීමන ආසනයයි. නමුත් පසුගිය සමයේ ජනාධිපතිවරණයේදී රමේෂ් පතිරණ, රනිල් වික්‍රමසිංහ මහතාගේ පිලට එක්වීමට ගත් දේශපාලන තීරණය හේතුවෙන් දශක ගණනාවක් පුරා පතිරණ පරම්පරාවේ දේශපාලන බලකොටුව ලෙස සැලකූ පොහොට්ටුවේ අක්මීමන ආසනය ඔහුට අහිමිවීමත් සමඟ පොහොට්ටු පක්ෂය විසින් එම ආසනයේ වගකීම චානක මාදුගොඩ මහතා වෙත පවරන ලදී.
රමේෂ් පතිරණ පාර්ලිමේන්තු මැතිවරණය පරාජය වූ අතර අක්මීමන ආසනය නියෝජනය කරමින් ඉදිරිපත් වූ මාදුගොඩ පාර්ලිමේන්තු මැතිවරණය ජයගෙන මන්ත්‍රීධූරයක් ලබාගත්තා.
රමේෂ් පතිරණ මහතා මෙන්ම ඔහුගේ පියා වූ ප්‍රවීණ දේශපාලනඥයෙකු වූ හිටපු අමාත්‍ය රිචඩ් පතිරණ මහතාගේ ද දේශපාලන නිජබිම වූයේ ගාල්ල, අක්මීමන ආසනයයි. කෙසේ වෙතත්, පසුගිය ජනාධිපතිවරණයේදී රමේෂ් පතිරණ මහතා ගත් දේශපාලන තීරණයත් සමඟ අක්මීමන ආසන සංවිධායක ධුරය ඔහුට අහිමි වූ අතර, එම වගකීම චානක මාදුගොඩ මහතා වෙත පැවරිණි.
පසුගියදා පැවැති මහ මැතිවරණයේදී රමේෂ් පතිරණට සිය පාරම්පරික දේශපාලන උරුමය සහිත අක්මීමන ආසනය අතහැර, බෙන්තර – ඇල්පිටිය ආසනය හරහා ඔහුගේ සිය දේශපාලන ගමන යළි ආරම්භ කිරීමට සිදුව ඇත.