2026 අප්‍රේල් 02 බ්‍රහස්පතින්දා, 16:31
නවතම පුවත්

තරුණයන් මිලියන 15ක් ඊ-සිගරට් බොනවා WHO කියයි

ලොව පුරා වයස අවුරුදු 13ත් 19ත් අතර යෞවනයන් මිලියන 15ක් ඊ-සිගරට් (e-cigarettes) භාවිත කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පවසයි. WHO පෙන්වා දෙන්නේ, මෙය ඊ-සිගරට් භාවිත කරන වැඩිහිටි ප්‍රජාවට වඩා නව ගුණයක වැඩිවීමක් බවයි. විශේෂයෙන්ම නිකොටින් අඩංගු ඊ-සිගරට් සඳහා ඇබ්බැහි වීමේ ඉහළ ප්‍රවණතාවක් යෞවනයන් අතර දක්නට ලැබෙන බව එම සංවිධානය වැඩිදුරටත් සඳහන් කරයි. මෙම තත්ත්වය […]

ටියුනීසියානු ජනපතිට අපහාස කළ පුද්ගලයෙකුට මරණීය දණ්ඩය !

ටියුනීසියානු අධිකරණයක් සමාජ මාධ්‍ය ඔස්සේ ජනාධිපතිවරයාට අපහාස කළේයැයි සහ ජාතික ආරක්ෂාවට තර්ජනයක් ඉදිරිපත් කළේයැයි චෝදනා යටතේ පුද්ගලයෙකුට මරණ දඬුවම නියම කර තිබේ. මානව හිමිකම් සඳහා වූ ටියුනීසියානු සංගමය සඳහන් කළේ, මෙම නියෝගය එරට දේශපාලන ඉතිහාසයේ නොවූ විරළ තීන්දුවක් බවයි. 56 හැවිරිදි සාමාන්‍ය කම්කරුවෙකු වන සැකකරු සීමිත අධ්‍යාපනයක් ලැබූ පුද්ගලයෙකි. ඔහුගේ නීතිඥවරයා පැවසුවේ, ෆේස්බුක් සටහන් කිහිපයකට […]

ලොව විශාලතම ක්‍රිප්ටෝ මුදල් වංචාවට අදාළව චීන කතක් අල්ලයි

ලොව මෙතෙක් සිදු වූ විශාලතම ඒක පුද්ගල ක්‍රිප්ටෝ මුදල් වංචාවකට අදාළව චීන ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇය ලන්ඩනයේදී වරද පිළිගෙන තිබේ. අත්අඩංගුවට ගත් බිට්කොයින් වත්කම්වල වටිනාකම පවුම් බිලියන 5කට (ඇමෙරිකානු ඩොලර් බිලියන 6.7කට) අධික බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සීමින් චියැන් (Zhimin Qian) නොහොත් යාඩි ෂැං (Yadi Zhang) නමැති 47 හැවිරිදි මෙම කාන්තාව, […]

ඊශ්‍රායල ප්‍රහාරයෙන් ගාසා තීරයේ මියගිය පිරිස 80 ඉක්මවයි !

ඊශ්‍රායලය ඊයේ (24) දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ විශාල ප්‍රහාර මාලාවකින් පුද්ගලයින් 80කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඇතිවූ මරණ ගණනෙන් වැඩි දෙනෙකු ගාසා නගරයේ නාගරිකයින් බවද සඳහන් වේ. එමගින් අවතැන් පවුල් රඳවාගෙන සිටි ගොඩනැගිල්ලකට සහ කුඩාරමකට එල්ල වූ ප්‍රහාරයකින් පමණක් පුද්ගලයින් 20ක් ජීවිතක්ෂයට පත් වී ඇත. මියගිය අය […]

ඉන්දියාවේ දැවැන්ත බදු කප්පාදුවක් !

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා භාණ්ඩ හා සේවා බද්දේ (GST) අනුපාතිකයන්ට විශාල කප්පාදුවක් සිදු කරන බව නිවේදනය කර තිබේ. ඊයේ (21) ජාතිය අමතමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ, මෙම “මීළඟ පරපුරේ ප්‍රතිසංස්කරණ” හරහා දෛනික භාණ්ඩ වඩාත් අඩු මිලකට ජනතාවට ලබා ගැනීමට හැකි වන බවය. ඉන්දීය ආශ්‍රිත භාණ්ඩවල GST අනුපාතිකයන් පහළ දැමීමෙන් ස්වදේශීය නිෂ්පාදකයින්ට තම නිෂ්පාදන තවදුරටත් අඩු […]

නේපාල පාර්ලිමේන්තුව විසුරුවා හැරේ !

නේපාලයේ අන්තර්කාලීන අගමැති ලෙස සුෂිලා කාර්කි ඊයේ (12) රාත්‍රියේ දිවුරුම් දුන් පසු, එරට පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබේ. හිටපු අගවිනිසුරුවරියක වන ඇය, නේපාලයේ පළමු කාන්තා අගමැතිනිය ලෙස ඉතිහාසගත විය. ඇයගේ නියෝගය අනුව, නව පාර්ලිමේන්තු මැතිවරණය එළැඹෙන වසරේ මාර්තු 21 වැනිදා පැවැත්වීමට නියමිතය. අදාළ මැතිවරණය පැවැත්වෙන තෙක් මාස හයක් අත්පත් කරගන්නා අන්තර්කාලීන කැබිනට් මණ්ඩලය අද (13) දිවුරුම් […]

බ්‍රසීල හිටපු ජනපති බොල්සොනාරෝට වසර 27ක සිරදඬුවමක් !

බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ හමුදා කුමන්ත්‍රණයක් සැලසුම් කළා යැයි වරදකරු ලෙස තීරණය කර, වසර 27ක සහ මාස 3ක සිර දඬුවමක් නියම කර ඇත. ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් පස් දෙනෙකුගෙන් සමන්විත මණ්ඩලය විසින් පැය කිහිපයක් තිස්සේ සිදුකළ විභාගයෙන් පසු බහුතර ඡන්දයෙන් මෙම නියෝගය ලබාදී ඇත. විනිසුරුවන් සිව්දෙනා ඔහු වැරදකරු බවට එකඟ වූ අතර, එක් අයෙකු නිදහස් කිරීමට […]

ගංවතුරින් බාලි දූපත්වල මියගිය සංඛ්‍යාව ඉහළට

මේවන විට බාලි දූපත්වලට බලපා ඇති ගංවතුර ආපදා තත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් ගණන් 14 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් ආරංචි මාර්ග පවසයි. එම වාර්තාවල සඳහන්වන පරිදි ආපදා තත්වය හේතුවෙන් අතුරුදන් වූ පුද්ගලයින් දෙදෙනෙකු සොයා ඉදිරියටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි. වර්ෂාපතනය මේ වන විට අඩු වී ඇති අතර පැවති ගංවතුර තත්වය ද මේ වන විට ක්‍රමයෙන් අඩුවී […]

ජනප්‍රිය නළු ග්‍රැහැම් ග්‍රීන් දිවි මඩලට සමු දෙයි

ජනප්‍රිය කැනේඩියානු නළු ග්‍රැහැම් ග්‍රීන් මියගොස් තිබේ. මියයන විට ඔහු 73 හැවිරිදි වියේ පසුවූ අතර, දීර්ඝ කාලයක් අසනීප තත්ත්වයෙන් පසුවූ ඔහු මෙසේ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. මොහු1990 දී කෙවින් කොස්ට්නර්ගේ එපික් වෙස්ටර්න් චිත්‍රපටයේ කිකින් බර්ඩ් ලෙස රඟපෑ චරිතය වෙනුවෙන් ග්‍රීන් හොඳම සහය නළුවාට ඔස්කාර් සම්මාන නාමයෝජනා ලබා ගත් නළුවෙක් විය. ග්‍රීන් […]

දකුණු කොරියාවේ ‘නිදහසේ හඩ’ නිවීයයි

උතුරු කොරියාව වෙත විකාශය කළ සිය හමුදා ගුවන් විදුලි නාළිකාව අත්හිටුවීමට දකුණු කොරියාව පියවර ගෙන තිබේ. ‍වසර 15ක් පුරාවට විකාශනය සිදුවූ ‘නිදහසේ හඬ’ නමැති මෙම ගුවන් විදුලිය අත්හිටුවීමට දකුණු කොරියාව මෙලෙස පියවර ගෙන ඇත. උතුරු කොරියාව සමඟ පවතින හමුදාමය ආතතීන් අවම කිරීමේ සහ සංහිඳියාව ඇතිකිරීමේ උත්සාහයක් ලෙස දකුණු කොරියාව මෙම පියවර ගෙන තිබේ. 2010 වසරේදී […]