පැරිසියේ ලූවර් කෞතුකාගාරයට හොරු පනී

පැරිසියේ පිහිටි ලොව වඩාත්ම ප්‍රසිද්ධ කෞතුකාගාරයක් වන ලූවර් කෞතුකාගාරය (Louvre Museum) අද (19) උදෑසන සිදුවූ සොරකමක් හේතුවෙන් තාවකාලිකව වසා දමා ඇත. ප්‍රංශ සංස්කෘතික අමාත්‍යාංශය මෙම සොරකම තහවුරු කළේය. වසර 200කට වඩා පැරණි මෙම කෞතුකාගාරය විවෘත කිරීමට ආසන්නව තිබියදී සිද්ධිය වාර්තා වී ඇති අතර, සොරකම් කරන ලද වස්තූන් පිළිබඳ නිශ්චිත තොරතුරු තවමත් නිකුත් කර නොමැත. 1793 […]
ජනපති ට්‍රම්ප්ට එරෙහිව ඇමරිකාව කැළඹෙයි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලන විලාසය සහ ප්‍රතිපත්තිවලට එරෙහිව එක්සත් ජනපදය පුරා දැවැන්ත විරෝධතා මාලාවක් ආරම්භ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. නිව්යෝර්ක්, වොෂින්ටන්, චිකාගෝ, මියාමි සහ ලොස් ඇන්ජලීස් වැනි ප්‍රධාන ප්‍රාන්ත රැසක මෙම විරෝධතා මේ වන විට පැවැත්වෙමින් පවතී. විරෝධතාකරුවන් චෝදනා කරන්නේ ජනාධිපති ට්‍රම්ප් සිය රාජ්‍ය පාලනය මෙහෙයවන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට අහිතකර ආකාරයට බවයි. ජනාධිපතිවරයාගේ […]
ඇෆ්ගන් – පාකිස්තාන් දේශසීමා ගැටුම් විසඳා ගැනීමට සාකච්ඡා

ඇෆ්ගනිස්ථානය සහ පාකිස්ථානය අතර උග්‍ර වී ඇති දේශසීමා ගැටලු විසඳා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා දෙරටේ නියෝජිතයින් කටාර්හි දෝහා අගනුවර වෙත පිටත්ව ගොස් තිබේ. වසර ගණනාවක් පුරා පැවති මෙම දේශසීමා අර්බුදය මෑතකදී ගැටුම්කාරී වාතාවරණයක් දක්වා වර්ධනය වී ඇති අතර, ගත වූ දින කිහිපය තුළ සිදු වූ ප්‍රහාරවලින් දෙරටේම සිවිල් වැසියන් ඇතුළු පුද්ගලයින් ගණනාවක් මිය ගොස් […]
ෆෙන්ෂෙන්ග් සුළි කුණාටුවෙන් පිලිපීන වැසියන්ට පීඩා

‘ෆෙන්ෂෙන්ග්’ (Fengshen) නම් වූ ප්‍රබල සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් පිලිපීනයේ පැසිෆික් වෙරළ තීරයේ වෙසෙන දහස් ගණන් ජනතාවට සිය නිවෙස්වලින් ඉවත්වීමට සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පිලිපීන කාලගුණ විද්‍යා අංශ පෙන්වා දෙන්නේ, ෆෙන්ෂෙන්ග් කුණාටුව පැයට කිලෝමීටර් 90ක පමණ වේගයකින් වෙරළබඩ ප්‍රදේශයට බලපෑම් එල්ල කළ හැකි බවයි. මෙම කුණාටුවේ බලපෑම පළමුව කැටන්ඩුආස් (Catanduanes) දූපතට දැනෙනු ඇති […]
පෘතුගාලයේ බුර්කා අඳින්න බෑ

පෘතුගාලයේ පොදු ස්ථානවලදී ස්ත්‍රීන් හෝ පුරුෂයන් ආගමික අරමුණු සඳහා භාවිතා කරන මුහුණු වැස්ම තහනම් කිරීමේ පනත් කෙටුම්පතක් එරට පාර්ලිමේන්තුව විසින් අනුමත කර තිබේ. මෙමගින් “ස්ත්‍රී පුරුෂ භාවය හෝ ආගමික අභිප්‍රායන්” සඳහා භාවිතා කරන මුහුණු ආවරණ බොහෝමයක් පොදු ස්ථානවල තහනම් කෙරෙන අතර, මුස්ලිම් කාන්තාවන් අඳින බුර්කා සහ නිකාබ් ඍජුවම ඉලක්ක කරනු ලබයි. නව පනත යටතේ, පොදු […]
BYD වාහනවල ගුණාත්මකභාවය ගැන ප්‍රශ්නයක්?

ලොව විශාලතම විද්‍යුත් වාහන (EV) නිෂ්පාදකයා වන BYD සමාගම, තාක්ෂණික දෝෂ හේතුවෙන් වාහන 115,000කට අධික සංඛ්‍යාවක් නැවත කැඳවීමට පියවර ගෙන තිබේ. මෙම සිදුවීම, පිරිවැය අවම කිරීමට සමාගම දක්වන සැලකිල්ල මත ගුණාත්මකභාවය අඩුවීම පිළිබඳව ප්‍රශ්න මතු කිරීමට හේතු වී ඇති බව Bloomberg වාර්තා කරයි. නියාමන ආයතනයක් සිකුරාදා (ඔක්තෝබර් 17, 2025) නිකුත් කළ ප්‍රකාශයක් අනුව, දෙමුහුන් (Hybrid) […]
ඇන්ඩෲ කුමරු සිය පදවි නාමයන් අත්හරියි

දෙවන චාල්ස් රජුගේ බාල සොහොයුරු වන ඇන්ඩෲ කුමරු, ලිංගික අපරාධකරුවෙකු වූ ජෙෆ්රි එප්ස්ටයින් සමඟ පැවති සම්බන්ධතා පිළිබඳ චෝදනා නැවත කරළියට ඒමත් සමග සිය රාජකීය පදවි නාමයන් සහ ගෞරව නාමයන් අත්හරින බව නිවේදනය කර තිබේ. බකිංහැම් මාලිගය විසින් නිකුත් කරන ලද නිවේදනයක ඇන්ඩෲ කුමරු සඳහන් කර ඇත්තේ, “මා පිළිබඳ අඛණ්ඩ චෝදනා අති උතුම් රජුගේ සහ රාජකීය […]
ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු මරුට

සිකුරාදා රාත්‍රියේ පාකිස්තානය විසින් එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයකින් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් 40 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ. ටොලෝ නිවුස් වාර්තා කළේ මෙම ප්‍රහාරය කන්දහාර්හි ස්පින් බෝල්ඩක් දිස්ත්‍රික්කයේ නේවාසික ප්‍රදේශ ඉලක්ක කර ගෙන ඇති අතර, මියගිය අයගෙන් බහුතරය කාන්තාවන් සහ ළමුන් බවයි. ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය (ACB) මෙම ක්‍රීඩකයින්ගේ මරණය සම්බන්ධයෙන් […]
එවරස්ට් තරණය කළ ප්‍රථම කණ්ඩායමේ අවසන් සාමාජිකයා අභාවප්‍රාප්ත වෙයි

ලොව උසම කන්ද ලෙසින් පිළිගැනෙන අඩි 8,848ක් උසැති එවරස්ට් කන්ද සාර්ථකව තරණය කළ පළමු ගවේෂණ කණ්ඩායමේ අවසන් සාමාජිකයා වූ නේපාලයේ කාංචා ෂර්පා ඊයේ (ඔක්තෝබර් 16) අභාවප්‍රාප්ත වී තිබේ. පසුගිය දින කිහිපයේදී රෝගාතුරව සිටි ඔහු කත්මණ්ඩු නුවරදී සිය දිවිසැරිය නිමා කරන විට වයස අවුරුදු 92ක් විය. එඩ්මන්ඩ් හිලරි සහ ටෙන්සිං නෝර්ගේ නායකත්වයෙන් යුත් 35 දෙනෙකුගෙන් යුත් […]
ට්‍රම්ප්ගේ ඉල්ලීමට ඉන්දීයාවේ එකඟත්වය

රුසියානු තෙල් මිලදී ගැනීම නැවැත්වීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි එකඟ වූ බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත. යුක්‍රේනයේ යුද්ධය අවසන් කිරීමේ උත්සාහයේ කොටසක් ලෙස ඇමෙරිකාව විසින් රුසියාවට ආර්ථික පීඩනය යෙදීමට දරන උත්සාහයට සහයක් වශයෙන් තමා විසින් කළ ඉල්ලීමකට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මෙලෙස එකඟ වූ බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇති බව […]