මෙක්සිකානු ජනපතිනිය ප්‍රසිද්ධියේ ලිංගික හිංසනයට ලක්වෙයි

මෙක්සිකානු ජනාධිපතිනී ක්ලවුඩියා ෂෙයින්-බවුම් මහත්මිය, ප්‍රසිද්ධියේ තමාට මුහුණ දීමට සිදු වූ ලිංගික හිංසනයක් සම්බන්ධයෙන් එරට පොලීසිය හමුවේ පැමිණිල්ලක් ගොනු කර තිබේ. පෙරේදා (නොවැම්බර් 04) දින ජනාධිපති මන්දිරයේ සිට අධ්‍යාපන අමාත්‍යාංශය දක්වා පා ගමනින් ගමන් කරමින් සිටියදී, මාර්ගයේ රැස්ව සිටි පුද්ගලයින් සමඟ කතා බහක නිරතව සිටින අවස්ථාවේදී මෙම සිදුවීම වී ඇත. එහිදී ඇගේ පිටුපසින් පැමිණි පුද්ගලයෙකු […]
පිලිපීනයේ සුළි කුණාටුවෙන් 58ක් මරුට

මධ්‍යම පිලිපීනයට බලපෑ ‘කල්මේගි’ සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයින් 58 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ. මේ හේතුවෙන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අවතැන් වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය. සුළි කුණාටුව සමඟ ඇතිවූ අධික වර්ෂාපතන හේතුවෙන් පුළුල් ජල ගැලීම් තත්ත්වයක් වාර්තා වී තිබේ. තවත් පුද්ගලයින් 13 දෙනෙකු අතුරුදහන් වී ඇති බව සඳහන්ය. මේ අතර, සහන කටයුතු […]
ඉන්දියාවේ හයිද්‍රාබාද් අසල බස් අනතුරකින් 16ක් මරුට

ඉන්දියාවේ හයිද්‍රාබාද් නගරයට ආසන්න ප්‍රදේශයක දී සිදු වූ දරුණු රිය අනතුරකින් පුද්ගලයින් 16ක් පමණ මිය ගොස් ඇති අතර, තවත් පිරිසක් තුවාල ලබා තිබේ. බොරළු ප්‍රවාහනය කළ ටිපර් රථයක් සහ මගීන් 40ක් පමණ ගමන් කළ බස් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. ටිපර් රථයේ රියදුරු සහ තවත් මගීන් අටදෙනෙකු එම ස්ථානයේදී ම මිය ගොස් සිටි […]
කෙන්යාවේ නායයෑමකින් පුද්ගලයින් 21ක් මරුට

කෙන්යාවේ රිෆ්ට් ප්‍රදේශයේ සිදු වූ නායයෑමකින් පුද්ගලයින් 21දෙනෙකු මියගොස් තිබේ විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් පුද්ගලයින් 30දෙනෙකු පමණ අතුරුදන්ව ඇති බවය.එමෙන්ම නායයෑම් තත්ත්වය හේතුවෙන් එරට මාර්ග රැසක් වසා දමා ඇති අතර තුවාල ලැබූ පුද්ගලයින් ගුවන් මගින් රෝහල් වෙත රැගෙන යාමට එරට ආපදා කළමණාකරණ අංශ පියවර ගෙන තිබුණි.කෙන්යාවට ඇඳහැලෙන අධික වර්ෂාව හේතුවෙන් මෙම නායයෑම සිදුව ඇති […]
මෙක්සිකෝවේ වෙළඳසැලක ගින්නකින් පුද්ගලයින් 23ක් මරුට

වයඹදිග මෙක්සිකෝවේ පිහිටි වෙළඳසැලක හටගත් ගින්නකින් පුද්ගලයින් 23 දෙනෙකු පමණ මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මියගිය පිරිස අතර කුඩා ළමයින් ද සිටින බව එම වාර්තා සඳහන් කරයි. එමෙන්ම මෙම ගින්න හේතුවෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇත. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මේ පිළිබඳව විශේෂ පරීක්ෂණයක් පවත්වන […]
කාන්තා එක්දින ලෝක කුසලාන අවසන් මහා තරගය අද

කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (නොවැම්බර් 02) පස්වරු 3.00ට නවි මුම්බායි (Navi Mumbai) ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය. තරගය පැවැත්වෙන්නේ සත්කාරක ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතරය. දෙවන අවසන් පූර්ව තරගයේදී හත් වතාවක් ලෝක ශූරයන් වූ ඔස්ට්‍රේලියා කණ්ඩායම පරාජය කරමින් ඉන්දියාව අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය. පළමු අවසන් පූර්ව තරගයේදී එංගලන්තය පරාජය […]
එංගලන්තයේ දුම්රියක් තුළ පිහි ප්‍රහාරයක් . දහයකට තුවාල

එංගලන්තයේ කේම්බ්‍රිජ්ෂයර් (Cambridgeshire) ප්‍රාන්තයේ දුම්රියක ගමන් කරමින් සිටි පුද්ගලයින් පිරිසකට එල්ල වූ පිහි ප්‍රහාරයකින් පුද්ගලයින් දස දෙනෙකු රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. කේම්බ්‍රිජ්ෂයර් පොලීසිය පවසා ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවය. ප්‍රහාරය සිදුවන විට මගීන් ඩොන්කාස්ටර් (Doncaster) සිට ලන්ඩන් හි කිංග්ස් ක්‍රොස් (King’s Cross) දක්වා ගමන් කරමින් […]
පුටින් සහ ට්‍රම්ප් අතර සාකච්ඡා අත්හිටුවයි

තමා සහ රුසියානු ජනාධිපති ව්ලැඩ්මියර් පුටින් අතර පැවැත්වීමට සැලසුම් කළ සාකච්ඡා අත්හිටවූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසයි. යුක්රේනය සමඟ පවතින ගැටුම් නතර කිරීම සඳහා අමෙරිකාව ඉදිරිපත් කළ ඉල්ලීම රුසියාව ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බව සඳහන් වේ. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ, කාලය නාස්ති කිරීමේ හමුවීමක් සිදු කිරීමට තමාට අවශ්‍ය නොවන […]
ජපානයේ පළමු කාන්තා අගමැතිනිය පත් වෙයි

ජපානය සිය ඉතිහාසයේ ප්‍රථම වතාවට කාන්තාවක් අග්‍රාමාත්‍ය ධුරයට පත් කර ගනිමින් ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කර ඇත. ජපාන පාර්ලිමේන්තුවේ තීරණය අනුව, සනායි ටකයිචි මහත්මිය ජපානයේ නව අගමැතිනිය ලෙස තේරී පත් වී තිබේ. මෙම පත්වීම දිගු කලක් පුරුෂ මූලික නායකත්වයක් පැවති රටක විශාල ඉදිරි ගමනක් ලෙස සැලකෙන අතර, විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ එය ජාතියේ දේශපාලන ගමන් මග […]
ඊශ්‍රායලයෙන් ගාසා තීරයට යළිත් ගුවන් ප්‍රහාර

ඊශ්‍රායලය විසින් ගාසා තීරයට එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් පසුව සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක කිරීම නැවත ආරම්භ කරන බව ඊශ්‍රායලය පවසයි. මෙය හමාස් සංවිධානය විසින් ගිවිසුම නොසලකා හැරීමකට එල්ල කළ ප්‍රතිචාරයක් බව ඊශ්‍රායලය සඳහන් කර තිබේ. කෙසේ වෙතත්, තමන් කිසිදු ගැටුමක් ගැන නොදන්නා බවත් සටන් විරාමයට කැපවී සිටින බවත් එයට පිළිතුරු දෙමින් හමාස් සංවිධානය ප්‍රකාශ කර […]