ඊශ්‍රායලයේදී ශ්‍රී ලාංකිකයෙකු ඝාතනය කෙරේ

ඊශ්‍රායලයේ දී ශ්‍රී ලාංකික ශ්‍රමිකයෙකු ඝාතනයට ලක්ව තිබේ.ඊයේ රාත්‍රී ටෙල්අවිව් ජෆා ප්‍රදේශයේ වෙරළ තීරයක දී තියුණු ආයුධයකින් පහරදී අදාළ ශ්‍රී ලාංකිකයා ඝාතනය කර ඇති බව එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සඳහන් කළේය.ඝාතනයට ලක්ව ඇත්තේ ගාල්ල, බටපොල ප්‍රදේශයේ සිට ඊශ්‍රායලයේ ඉදිකිරීම් අංශයේ රැකියාවක් සඳහා මීට මාස දෙකකට පමණ පෙර පැමිණි 38 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු […]
පාකිස්තානයේ ඉල්ලීම් ඇෆ්ගනිස්තානය ඉවත දමයි

සාම සාකච්ඡාවලදී පාකිස්තානය ඉදිරිපත් කළ ඉල්ලීම් ඇෆ්ගනිස්තානය විසින් දැඩි ලෙස ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඇෆ්ගනිස්තාන විදේශ අමාත්‍ය අමීර් ඛාන් මුත්තකි එම ඉල්ලීම් දැඩි ලෙස විවේචනය කරමින් අදහස් දක්වා ඇත. එහිදී ඔහු පවසා ඇත්තේ පාකිස්තානය ඔවුන්ගේ අභ්‍යන්තර ආරක්ෂක ගැටලු සඳහා ඇෆ්ගනිස්තානයට දොස් පැවරීමට උත්සාහ කරන බවයි. අවසන් වරට පැවැති සාම සාකච්ඡාවලදී පාකිස්තානය […]
පාකිස්තානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් සිදුව ඇත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. නගරයේ අධිකරණ ගොඩනැගිල්ලක් ඉදිරිපිට මෙම පිපිරීම සිදු වී ඇති බව වාර්තා වේ. බෝම්බ ප්‍රහාරයෙන් මේ වන විට පුද්ගලයින් 9 දෙනෙකු මිය ගොස් 21 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව පාකිස්තාන මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
නවදිල්ලි අගනුවර මරාගෙන මැරෙන බෝම්බකරු හදුනාගනී

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර රතු බලකොටුව ආසන්නයේ මෝටර් රථයක් තුළ සිදුවූ ප්‍රබල පිපිරීම ත්‍රස්තවාදී ප්‍රහාරයක් ලෙස හඳුනාගෙන තිබේ. මෙම පිපිරීමෙන් පුද්ගලයින් නව දෙනෙක් මියගොස් තවත් 20කට අධික පිරිසක් තුවාල ලබා තිබුණි. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, මරාගෙන මැරෙන බෝම්බකරු ලෙස සැකකරන පුද්ගලයා වෛද්‍ය උමාර් මොහොමඩ්ගේ බවයි. උමාර් මොහොමඩ් 1989 පෙබරවාරි 24 වන දින උපත ලබා ඇති බවත්, […]
පාකිස්තාන වේගපන්දු ක්‍රීඩක නසීම් ෂා ගේ නිවසට වෙඩි තියලා

පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු ක්‍රීඩක නසීම් ෂා ගේ නිවසට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ. ඊයේ (නොවැම්බර් 10) අලුයම මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර, ප්‍රහාරකයින් නිවසේ ගේට්ටුවට වෙඩි තබා පලා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එරට ආරක්ෂක අංශ විසින් වෙඩි තැබීම සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක කර ඇති බව සඳහන් වේ. ප්‍රහාරයෙන් කිසිදු පුද්ගලයෙකුට […]
ශ්‍රී ලංකා – පාකිස්තාන පළමු එක්දින තරගය අද

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (11) පැවැත්වේ.රාවල්පිණ්ඩිහිදී පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3ට ආරම්භ වීමට නියමිතය.දෙරට අතර පැවති අවසන් එක්දින තරග 5න් තරග 3ක ජය පාකිස්ථාන කණ්ඩායම හිමිකරගෙන ඇති අතර එක් තරගයක් ශ්‍රී ලංකා කණ්ඩායම ජයගෙන තිබේ.දෙරට අතර එක්දින තරගාවලිය තරග 3කින් සමන්විතය.
ඉන්දියාවේ නවදිල්ලි අගනුවර සිදුවූ ඛේදවාචකය

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ඓතිහාසික රතු බලකොටුව ආසන්නයේ මෝටර් රථයක් තුළ සිදුවූ ප්‍රබල පිපිරීමකින් පුද්ගලයින් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. රතු බලකොටුව අසල මෙට්‍රෝ දුම්රිය ස්ථානයට පිවිසෙන මාර්ගයේ රථවාහන සංඥා කණුවක් අසල ඊයේ (නොවැම්බර් 10) පස්වරු 06.52ට පමණ මෙම පිපිරීම සිදුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. අධිබලැති පුපුරණ ද්‍රව්‍ය අටවා තිබූ මෝටර් රථයක් මෙලෙස පිපිරීමට […]
රජයේ අක්‍රියතාව අවසන් කරන්න සෙනෙට් සභිකයින්ගෙන් ගිවිසුමක්

ඉතිහාසයේ දීර්ඝතම රජයේ අක්‍රියතාවය අවසන් කළ හැකි ගිවිසුමකට ඇමෙරිකානු සෙනෙට් සභිකයින් එකඟ වී තිබේ. ඇමෙරිකානු සෙනෙට් සභාවේදී අවශ්‍ය අරමුදල් ලබා දීමේ පනත් කෙටුම්පත් සම්මත නොවීම හේතුවෙන් ෆෙඩරල් රජය දින 40ක් පුරා වසා දැමුණු අතර, එය අවසන් කළ හැකි ගිවිසුමකට මෙසේ සෙනෙට් සභිකයින් එකඟ වී ඇති බව වාර්තා වේ. රිපබ්ලිකන්වරුන් සමඟ සාකච්ඡා කරන ලද මෙම ගිවිසුමට […]
ෆුන්ග් වොන්ග් සුළි කුණාටුව අද රාත්‍රියේ පිලිපීනයට

පසුගිය සතියේ කල්මේගි සුළි කුණාටුවෙන් දැඩි බලපෑම් එල්ල වූ පිලිපීනයට අද (නොවැම්බර් 09) තවත් ප්‍රබල සුළි කුණාටුවක් ඇතුළු වීමට නියමිතව තිබේ. ‘ෆුන්ග් වොන්ග්’ නම් මෙම සුළි කුණාටුව අද රාත්‍රියේ එරට අවුරෝරා පළාතෙන් ගොඩබිමට ඇතුළු වනු ඇතැයි වාර්තා වේ. පිලිපීනයට ආසන්න සාගර කලාපයේ වර්ධනය වෙමින් පවතින ෆුන්ග් වොන්ග් සුළි කුණාටුව හේතුවෙන් මේ වන විටත් එරට නැගෙනහිර […]
දාවුඩ් ඊබ්‍රහිම් ගැන නවතම හෙළිදරව්ව – ඉන්දීය බුද්ධි අංශ සීරුවෙන්

ඉන්දියාවේ ප්‍රබල මැර කල්ලි නායකයෙකු සහ ගෝලීය ත්‍රස්තවාදියෙකු වන දාවුඩ් ඊබ්‍රහිම්ගේ “D සින්ඩිකේට්” සංවිධානය, දකුණු ඉන්දියාව හරහා සිය මත්ද්‍රව්‍ය ජාවාරම් ව්‍යාප්ත කිරීම සඳහා ශ්‍රී ලංකාවේ තහනම් කරන ලද දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ (LTTE) හිටපු සාමාජිකයන් සහ ක්‍රියාකාරීන් සම්බන්ධ කර ගනිමින් සිටින බව ඉන්දීය බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇත. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන පරිදි, මෙම […]