2026 මාර්තු 25 බදාදා, 06:00
නවතම පුවත්

නයිජීරියාවට අමෙරිකාවෙන් ප්‍රබල ගුවන් ප්‍රහාරයක්: ISIS ත්‍රස්ත කඳවුරු විනාශයි!

ක්‍රිස්තියානි භක්තිකයන් ඝාතනයට කළ අනතුරු ඇඟවීම ක්‍රියාවෙන් ඔප්පු කළා” – ජනපති ට්‍රම්ප් නයිජීරියාවේ වයඹදිග කලාපයේ ක්‍රියාත්මක වන ඉස්ලාමීය රාජ්‍ය (ISIS) ත්‍රස්තවාදීන්ට එරෙහිව අමෙරිකානු හමුදාව අතිප්‍රබල ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සිය ‘Truth Social’ ගිණුම හරහා නිවේදනය කළේ, ක්‍රිස්තියානි භක්තිකයන් ඉලක්ක කර ගනිමින් සිදුකරන ඝාතනවලට ප්‍රතිචාරයක් ලෙස තම නියෝගය මත […]

ලිබියාවේ යුද හමුදාපති ගුවන් අනතුරකින් මරුට

ලිබියානු යුද හමුදාපති මොහොමඩ් අලි අහ්මඩ් අල් හඩාඩ් මහතා ඇතුළු උසස් හමුදා නිලධාරීන් පිරිසක් රැගත් පෞද්ගලික ජෙට් යානයක් තුර්කියේ අන්කාරා නුවර ආසන්නයේදී අනතුරට ලක්වීමෙන් එහි සිටි සියලුම දෙනා ජීවිතක්ෂයට පත්ව තිබේ. හමුදාපතිවරයා සමඟ හමුදාවේ ඉහළ තනතුරු දරන නිලධාරීන් සිව්දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් තිදෙනෙකු මෙම අවාසනාවන්ත අනතුරට මුහුණ දී ඇති බව වාර්තා වේ. අන්කාරා නුවර […]

ඉම්රාන් ඛාන් සිරගෙදර දී මරා දමලා..?

පාකිස්ථානයේ හිටපු අගමැති, හිටපු පාකිස්තාන ක්‍රිකට් නායක ඉම්රාන් ඛාන් සිරභාරයේ සිටියදී “අභිරහස් ලෙස ඝාතනය කරන ලද” බවට පැතිර යන කටකතා හේතුවෙන් එරට විරෝධතා ඇවිලී තිබේ. දැනට ඇඩියාලා බන්ධනාගාරයේ (Adiala Jail) සිරගතව සිටින ඔහු සම්බන්ධයෙන් මෙම තහවුරු නොකළ වාර්තා මුලින්ම වාර්තා කරන ලද්දේ ඇෆ්ගන් මාධ්‍ය ආයතන මගිනි. කෙසේ වෙතත්, පාකිස්ථාන බලධාරීන් එම ප්‍රකාශයන් “ව්‍යාජ” සහ “පදනම් […]

ඩකාහි ගින්නකින් නිවාස 1500ක් විනාශ වෙයි

බංග්ලාදේශයේ ඩකාහි නිවාස පෙළක හටගත් ගින්නකින් නිවාස 1,500ක් විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.ඩකාහි පැල්පත් නිවාස පෙළක මෙම ගින්න හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය.ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ 19ක් පමණ යෙදවීමට සිදු වූ බව වාර්තා වේ.විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ ගින්න මැඩපැවැත්වීම සඳහා පැය පහක පමණ කාලයක් ගත […]

තම දරුවන් දෙදෙනා ඝාතනය කළ මවකට දුන් දඬුවම

තම දරුවන් දෙදෙනා ඝාතනය කර ඔවුන්ගේ සිරුරු ගමන් මලුවල සඟවා තැබීමේ චෝදනා මත නවසීලන්ත මවකට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබේ. නවසීලන්තයේ ඕක්ලන්ඩ් හි අධිකරණයක් මඟින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 45 හැවිරිදි හකියුං ලී නැමති අදාළ කාන්තාව, සිය සැමියා පිළිකා රෝගයකින් මිය ගොස් මාස කිහිපයකට පසු අට හැවිරිදි […]

ඊශ්‍රායල අගමැතිගේ ඉන්දීය සංචාරය අවලංගු කෙරේ

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු මහතා මේ වසර අගදී සිදු කිරීමට සැලසුම් කර තිබූ ඉන්දීය සංචාරය අවලංගු කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවීමට නියමිතව තිබූ මෙම සංචාරය, පසුගියදා නවදිල්ලි නුවර සිදුවූ බෝම්බ ප්‍රහාරය හේතුවෙන් අත්හිටුවීමට තීරණය කර ඇත.

ෂෙයික් හසීනාට මරණ දඬුවම! තීන්දුවෙන් වැඩක් වෙයි ද?

බංග්ලාදේශයේ හිටපු අගමැතිනී ෂෙයික් හසීනාට, පසුගිය වසරේ සිසුන්ගේ නායකත්වයෙන් ඇතිවූ විරෝධතා මැඩපැවැත්වීමේදී සිදුකළ මානව වර්ගයාට එරෙහි අපරාධ සම්බන්ධයෙන් ඩකා අධිකරණයක් මගින් අනතුරුවරයෙන් (in abstentia) මරණ දඬුවම නියම කර තිබෙනවා. රටේ ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාවේ විනිසුරු මඬුල්ලක් විසින් හසීනා ඝාතනය, සමූලඝාතනය, වධහිංසා පැමිණවීම සහ වෙනත් අමානුෂික ක්‍රියා ඇතුළු අපරාධ සම්බන්ධයෙන් වැරදිකරු බවට පත් කළා. විනිසුරු ගෝලම් […]

හසීනාගේ පුතාගෙන් මැතිවරණය අවහිර කරන බවට අනතුරු ඇඟවීමක්

පසුගිය වසරේ ඇති වූ ශිෂ්‍ය විරෝධතා මර්දනය කිරීමේ චෝදනා මත නෙරපා දැමූ බංග්ලාදේශ අගමැති ෂෙයික් හසීනාගේ පුත් සහ උපදේශක සාජීබ් වාසෙඩ් (ජෝයි) ඉරිදා (නොවැම්බර් 16) ප්‍රකාශ කළේ, ඇගේ අවාමි ලීග් (Awami League) පක්ෂයට පනවා ඇති තහනම ඉවත් නොකළ හොත් ඉදිරි පෙබරවාරි මාසයේ ජාතික මැතිවරණය පක්ෂ ආධාරකරුවන් විසින් අවහිර කරනු ඇති බවයි. ඔහු අනතුරු ඇඟවූයේ, විරෝධතා […]

ජම්මු කාශ්මීරයේ පොලිස් ස්ථානයක පිපිරීමක්

ඉන්දියාවේ ජම්මු කාශ්මීරයේ ශ්‍රීනගර් හි නව්ගම් පොලිස් ස්ථානයේ ඊයේ (නොවැම්බර් 14) රාත්‍රියේ පිපිරීමක් සිදුව තිබේ.එම පොලිස් ස්ථානයේ ගබඩාකර තිබූ අත්අඩංගුවට ගත් පුපුරණ ද්‍රව්‍ය තොගයක් පරීක්ෂාකිරීමට යාමේදී මෙම පිපිරීම සිදුව ඇත. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, විශාල පුපුරණ ද්‍රව්‍ය තොගයක් මෙලෙස පුපුරාගොස් ඇති බවත්, ඒ හේතුවෙන් පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් තවත් 27ක් තුවාල ලැබූ බවය. කෙසේ නමුත් […]

යුක්‍රේනයට රුසියාවෙන් ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර

යුක්‍රේනයේ කියෙව් අගනුවර ඉලක්ක කර ගනිමින් රුසියාව එල්ල කළ ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරවලින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.යුක්‍රේන බලධාරීන් සඳහන් කළේ ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බවය.එල්ල වූ ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර හේතුවෙන් ගොඩනැගිලි කිහිපයක් ගිනි ගෙන විනාශ වී ඇති අතර රෝහලකට සහ පාසලකට ද හානි සිදුවී ඇත.එමෙන්ම ප්‍රහාරයෙන් කියෙව් නගරයේ […]