2026 මාර්තු 27 සිකුරාදා, 07:54
නවතම පුවත්

මොස්කව් ගුවන් තොටුපළවල් කිහිපයක මෙහෙයුම් අත්හිටුවයි

යුක්රේනය විසින් එල්ල කරන ලද මහා පරිමාණ ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් රුසියාවේ මොස්කව් අගනුවර පිහිටි ප්‍රධාන ගුවන් තොටුපළවල් කිහිපයක් තාවකාලිකව වසා දැමීමට රුසියානු බලධාරීන් පියවර ගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව, මොස්කව් නුවර පිහිටි ප්‍රධාන ගුවන් තොටුපළවල් හතරෙන් තුනකම මෙහෙයුම් කටයුතු මේ වන විට තාවකාලිකව නවතා දමා ඇත. මෙලෙස වසා දමා ඇති ගුවන් තොටුපළවල් අතර මොස්කව්හි […]

වෙනිසියුලානු ජනාධිපති සහ බිරිඳ අද අමෙරිකානු අධිකරණය හමුවට

වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ වන සිලියා ෆ්ලෝරස් අද (05) ප්‍රථම වරට එක්සත් ජනපද ෆෙඩරල් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. පසුගිය ජනවාරි 03 වනදා වෙනිසියුලාවේ කරකාස් අගනුවරදී අමෙරිකානු හමුදා ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකදී මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබූ අතර, අද දහවල් මැන්හැටන්හි පිහිටි ෆෙඩරල් අධිකරණයේදී අදාළ නඩු විභාගය ආරම්භ වීමට නියමිතය. මධුරෝ සහ […]

වෙනිසියුලාවට ස්ටාර්ලින්ක් නොමිලේ සේවා සපයයි

ඇමෙරිකානු ප්‍රහාර හමුවේ අර්බුදයට පත්ව ඇති වෙනිසියුලාවට නොමිලේ අන්තර්ජාල සේවාවන් සැපයීමට ඊලෝන් මස්ක්ගේ ස්ටාර්ලින්ක් ආයතනය තීරණය කර තිබේ. ස්ටාර්ලින්ක් ආයතනය සිය එක්ස් ගිණුම හරහා නිවේදනය කර ඇත්තේ වෙනිසියුලානු ජනතාවට සිය සේවාවන් සඳහා කිසිදු ගාස්තුවකින් තොරව ප්‍රවේශ වීමට අවස්ථාව ලබා දෙන බවයි. දීර්ඝ කාලයක සිට රජයේ දැඩි රෙගුලාසි මෙන්ම නිතර නිතර සිදුවන විසන්ධි කිරීම් හේතුවෙන් පීඩා […]

වෙනිසියුලාව යුධ පිටියක් වෙයි: ඇමෙරිකානු ප්‍රහාරවලින් 40ක් මරුට

වෙනිසියුලාව තුළ ඇමෙරිකානු හමුදා ක්‍රියාත්මක කළ දරුණු ප්‍රහාර මාලාවකින් එරට හමුදා භටයින් සහ සිවිල් වැසියන් ඇතුළු අවම වශයෙන් පුද්ගලයින් 40 දෙනෙකු පමණ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. වෙනිසියුලානු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු උපුටා දක්වමින් පළ වන මෙම වාර්තා මඟින් එරට පවතින අතිශය අර්බුදකාරී සහ බියකරු වාතාවරණය තහවුරු කෙරේ. ඇමෙරිකානු මෙහෙයුම් හමුවේ වෙනිසියුලාවේ ආරක්ෂක අංශ සහ […]

වෙනිසියුලානු ජනාධිපති නිව්යෝර්ක් රැඳවුම් මධ්‍යස්ථානයකට

අමෙරිකානු බලධාරීන්ගේ අත්අඩංගුවට පත් වෙනිසියුලානු ජනාධිපති නිකලොස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ නිව්යෝර්ක් නුවර බෘක්ලින්හි පිහිටි මෙට්‍රොපොලිටන් රැඳවුම් මධ්‍යස්ථානය වෙත යොමු කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, ඔවුන් දෙපළ නිව්යෝර්ක් වෙත රැගෙන ඒමෙන් අනතුරුව පළමුව ඖෂධ බලාත්මක කිරීමේ පරිපාලනය වෙත ඉදිරිපත් කර ඇති අතර ඉන් පසුව මෙම දැඩි ආරක්ෂිත රැඳවුම් මධ්‍යස්ථානය වෙත ප්‍රවාහනය කර ඇත. […]

ඩග් බ්‍රේස්වෙල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ඩග් බ්‍රේස්වෙල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබේ. කලක පටන් ඔහුව පීඩාවට පත් කළ අස්ථි ආබාධ තත්ත්වයක් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සිය දශකයකට අධික ක්‍රීඩා දිවිය තුළ බ්‍රේස්වෙල් නවසීලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 28ක්, එක්දින තරග 21ක් සහ විස්සයි20 තරග 20ක් […]

මියන්මාර මහ මැතිවරණයේ ඡන්ද විමසීම අද

මියන්මාරයේ හමුදා පාලනය 2021 වසරේදී කුමන්ත්‍රණයකින් බලය අල්ලා ගැනීමෙන් අනතුරුව පවත්වනු ලබන ප්‍රථම මහ මැතිවරණයේ ඡන්ද විමසීම අද (28) ආරම්භ වේ. දේශපාලනික වශයෙන් දැඩි අර්බුදකාරී වටපිටාවක පැවැත්වෙන මෙම මැතිවරණය මියන්මාරයේ අනාගත ගමන්මඟ තීරණය කරන තීරණාත්මක සාධකයක් වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම ඡන්ද විමසීම අදියර තුනක් යටතේ පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, එය […]

පේරු වෙරළ තීරය දෙදරුම් යයි: ප්‍රබල භූකම්පනයක් මුහුදු පතුලෙන් මතු වෙයි

පේරු රාජ්‍යයේ උතුරු වෙරළට ආසන්න මුහුදු ප්‍රදේශයේ ප්‍රබල භූකම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අද දිනයේ වාර්තා වූ මෙම භූකම්පනය රික්ටර් මාපකයේ ඒකක 6.2ක ප්‍රබලත්වයක් සටහන් කර ඇති අතර, එය වෙරළබඩ ප්‍රදේශ රැසකට තදින් දැනී ඇති බව සඳහන් වේ. භූ විද්‍යා සමීක්ෂණ වාර්තාවලට අනුව මෙම භූකම්පනය සිදුව ඇත්තේ මුහුදු පතුලේ සිට කිලෝමීටර් 10ක් […]

ධම්මික ප්‍රසාද්ට අමෙරිකාවෙන් ලොකු වගකීමක්

ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ දක්ෂ වේගපන්දු යවන්නෙකු වන ධම්මික ප්‍රසාද් හට ඇමෙරිකානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වැදගත් වගකීම් රැසක් පිරිනමා තිබේ. එළැඹෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කරගනිමින් ඔහුව ඇමෙරිකානු කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස පත් කර ඇති අතර, ඊට අමතරව සහායක පුහුණුකරු ලෙස ද කටයුතු කිරීමේ අවස්ථාව ඔහුට හිමිව ඇත. 2026 ලෝක කුසලාන […]

ඩෙවින් හිම කුණාටුවෙන් අමෙරිකාව වැසෙයි

අමෙරිකා එක්සත් ජනපදයට බලපා ඇති ඩෙවින් හිම කුණාටුවේ දරුණු බලපෑම හේතුවෙන් එරට ගුවන් ගමන් දහස් ගණනක් අවලංගු වී සහ ප්‍රමාද වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ලොව විශාලතම ගුවන් ගමන් නිරීක්ෂණ දත්ත සමාගම වන ෆ්ලයිට් අවෙයාර් වෙබ් අඩවියට අනුව, ඊයේ පස්වරු වන විට අමෙරිකාව තුළ සහ ඉන් පිටතට ක්‍රියාත්මක වීමට තිබූ ගුවන් වාර 1,581 […]