2026 මාර්තු 20 සිකුරාදා, 14:16
නවතම පුවත්

මියන්මාර මැතිවරණයේ තෙවන අදියරෙහි ඡන්දය ප්‍රකාශ කිරීම අද

මියන්මාර මහමැතිවරණයේ තෙවන සහ අවසාන අදියරේ ඡන්ද විමසීම අද (25) පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම මැතිවරණයේදී හමුදාවේ පූර්ණ සහයෝගය ලබන පක්ෂය විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගනු ඇතැයි දැනටමත් අනාවැකි පළ වී තිබේ. කෙසේ වෙතත්, මෙම මැතිවරණය නිදහස් හෝ සාධාරණ එකක් නොවන බවත්, මෙය හුදෙක් එරට පවතින හමුදා පාලනය නීත්‍යානුකූල කිරීම සඳහා ගන්නා උත්සාහයක් බවත් […]

ට්‍රම්ප්ගෙන් ප්‍රංශයට තීරුබදු තර්ජනයක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රංශයෙන් ආනයනය කරනු ලබන වයින් සහ ෂැම්පේන් සඳහා 200%ක දැවැන්ත තීරුබදු පනවන බවට තර්ජනය කර තිබේ. මෙම තීරණයට මූලික හේතුව වී ඇත්තේ ගෝලීය ගැටුම් විසඳීම සඳහා ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් යෝජනා කර ඇති “සාම මණ්ඩලයට” සහාය දෙන ලෙස ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ගෙන් කළ ඉල්ලීම ඔහු විසින් ප්‍රතික්ෂේප කිරීමට සැරසෙන බවට වාර්තා […]

ස්පාඤ්ඤයේ මගී දුම්රියක් පීලි පැනීමෙන් බිහිසුණු අනතුරක්

ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවර ආසන්නයේදී සිදු වූ දරුණු මගී දුම්රිය අනතුරකින් දුම්රිය රියදුරෙකු මිය ගොස් තවත් පුද්ගලයන් 37 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා තිබේ. විදෙස් වාර්තා සඳහන් කරන පරිදි, දුම්රිය පීලි පැනීමෙන් අනතුරුව අසල පිහිටි තාප්පයක ගැටීමෙන් මෙම බිහිසුණු විපත්තිය සිදුව ඇත. අනතුරින් මියගිය මගීන් සංඛ්‍යාව පිළිබඳව මෙතෙක් නිශ්චිත තක්සේරුවක් ඉදිරිපත් වී නොමැති වුවද, සහන සේවා […]

ඉරානය ලේ විලක් වෙයි: මරණ 2,000 පනී. ට්‍රම්ප්ගෙන් “සහන” පොරොන්දුවක්!

ඉරානය පුරා පසුගිය දින 17ක් මුළුල්ලේ ක්‍රියාත්මක වන රජයට එරෙහි මහජන විරෝධතා මර්ධනය කිරීමේදී මියගිය සංඛ්‍යාව 2,000 සීමාව ඉක්මවා ගොස් ඇති බව මානව හිමිකම් සංවිධානය තහවුරු කරයි. අමෙරිකාව පදනම් කරගත් ‘HRANA’ පුවත් ඒජන්සිය පවසන්නේ දරුණු අන්තර්ජාල සීමා කිරීම් මධ්‍යයේ වුවද මියගිය විරෝධතාකරුවන් 1,850 දෙනෙකු සහ කුඩා ළමුන් 9 දෙනෙකු පිළිබඳ තොරතුරු මේ වන විට තහවුරු […]

අපරාධකරුවෙකු ඇසුරු කළ බ්‍රිතාන්‍ය හිටපු ඇමති මැන්ඩෙල්සන් ජනතා සමාව අයදී.

ලිංගික අපරාධකරුවෙකු වූ ජෙෆ්රි එප්ස්ටයින් වරදකරු බවට පත්වීමෙන් පසුවත් ඔහු සමඟ සමීප මිත්‍රත්වයක් පවත්වා ගැනීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ හිටපු අමාත්‍ය ලෝඩ් මැන්ඩෙල්සන් පීඩාවට පත් වින්දිතයන්ගෙන් පෞද්ගලිකව සමාව අයැද තිබේ. මීට පෙර ඔහු කළ ප්‍රකාශ සම්බන්ධයෙන් එල්ල වූ දැඩි විවේචන හමුවේ, එප්ස්ටයින් පැවසූ බොරු විශ්වාස කරමින් ඔහු ඇසුරු කිරීම තමා අතින් සිදු වූ බරපතල වැරැද්දක් බව මැන්ඩෙල්සන් […]

වෙනිසියුලාවේ වැඩ බලන ජනාධිපති තමන් බව ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කරයි

වෙනිසියුලාවේ වැඩ බලන ජනාධිපතිවරයා ලෙස තමන් කටයුතු කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (12) ප්‍රකාශ කළේය. වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ වන සිලියා ෆ්ලෝරස් අමෙරිකානු හමුදා භාරයට ගැනීමත් සමඟ හටගෙන ඇති දැඩි ජාත්‍යන්තර අර්බුදය මධ්‍යයේ ට්‍රම්ප් විසින් මෙම මතභේදාත්මක ප්‍රකාශය සිදු කර තිබේ. තම ‘Truth Social’ සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ විකිපීඩියා (Wikipedia) […]

වෙනිසියුලාව ව්‍යාපාර සඳහා විවෘත බව ට්‍රම්ප් කියයි

ඇමරිකා එක්සත් ජනපදය සහ වෙනිසියුලාව අතර සබඳතා වර්ධනය වෙමින් පවතින බැවින්, වෙනිසියුලාවට එල්ල කිරීමට සැලසුම් කර තිබූ දෙවැනි ප්‍රහාරය අවලංගු කළ බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඊයේ දිනයේදී ඇමරිකානු තෙල් සමාගම් නියෝජිතයන් හමු වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා අවධාරණය කළේ වෙනිසියුලාව මේ වන විට ව්‍යාපාර කටයුතු සඳහා විවෘතව පවතින බවයි. සිය ‘ටෘෘත් සෝෂල්’ (Truth Social) සමාජ […]

ඉරානය පුරා පාලන විරෝධී රැළි

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බල කරමින් අගනුවර වන ටෙහෙරානය ඇතුළු එරට ප්‍රධාන නගර රැසක දැවැන්ත විරෝධතා ව්‍යාපාර ආරම්භ වී තිබේ. මෙය වසර ගණනාවකට පසු ඉරාන පාලනයට එල්ල වූ ප්‍රබලතම සහ විශාලතම ජනතා විරෝධය ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ටෙහෙරානය සහ මාෂාඩ් යන නගර කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වූ මෙම විරෝධතා […]

පේරු රාජ්‍යයේ ප්‍රබල භූ කම්පනයක්

පේරු රාජ්‍යයේ අද (08) අලුයම ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කළේ මෙම භූ කම්පනය රික්ටර් මාපකයේ ඒකක 5.5ක ප්‍රබලත්වයකින් වාර්තා වූ බවයි. එරට වේලාවෙන් අද අලුයම 12:01 ට පමණ මෙම භූ කම්පනය හටගෙන ඇති අතර, එය පොළොව මතුපිට සිට කිලෝමීටර් 107ක් පමණ ගැඹුරින් පිහිටි […]

වෙනිසියුලා අර්බුදය ගැන ඉන්දියාවෙන් ප්‍රකාශයක්

වෙනිසියුලාවේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව ඉන්දියාව සිය දැඩි අවධානය යොමු කර ඇති අතර, එරට ජනතාවගේ යහපැවැත්ම සහ ආරක්ෂාව වෙනුවෙන් ප්‍රමුඛත්වය ලබාදෙන ලෙස අදාළ සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් මහතා ප්‍රකාශ කර ඇත්තේ වෙනිසියුලාවේ සිදුවන මෑතකාලීන වර්ධනයන් පිළිබඳව ඉන්දියාව කනස්සල්ලෙන් පසුවන බවයි. මෙම නිවේදනය නිකුත් වන්නේ වෙනිසියුලා ජනාධිපති නිකොලස් මධුරෝ […]