2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 16:37
නවතම පුවත්

ගාසා නගරය අත්පත් කරගැනීමට විරුද්ධව ඊශ්‍රායල විරෝධතා

ඊශ්‍රායලය ආරක්ෂක මණ්ඩලය විසින් ගාසා නගරයේ පාලනය අත්පත් කර ගැනීමේ සැලැස්මක් අනුමත කිරීමත් සමග එරට ටෙල් අවිව්හි විරෝධතා රැසක් ආරම්භ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. විරෝධතාකරුවන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ නිවස අසලට රැස්ව ඇති අතර මාධ්‍ය වාර්තා කරන්නේ ප්‍රාණ ඇපකරුවන්ගේ පවුල්ද නියෝජනය කරමින් විරෝධතා කරුවන් 100,000කට ආසන්න ප්‍රමාණයක් මේවන විටත් සහභාගී වී […]

ඇමරිකන් බද්ද 20% කින් නිදහස්

ශ්‍රී ලංකාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවා තිබූ අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතය 20%ක් දක්වා අඩුකර ඇති බව ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. එසේම මෙම තීරු බද්ද අද (01) සිට ක්‍රියාත්මකයි. වැඩි දුරටත් සඳහන් වන්නේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකම මෙලෙස තීරුබදු අනුපාත පහත හෙළා ඇති ඇති බවයි.

ඇමරිකාව හා පාකිස්ථානය ගිවිසුම්ගතවෙයි.

ඇමරිකා එක්සත් ජනපදය සහ පාකිස්ථානය අතර නව ගිවිසුමක් ඇතිවූ බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඒ යටතේ දෙරට එක්ව පාකිස්ථානයේ විශාල තෙල් සංචිත සංවර්ධනය කිරීමට කටයුතු කරන බවත් මෙම ගනුදෙනුව දෙරටටම ප්‍රයෝජනවත් වන බවත් එය පාකිස්ථානයේ බලශක්ති අංශයට නව ශක්තියක් ලබාදෙන බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

රුසියාවට අඩි 13ක සුනාමි රළක්!

අද (30) උදෑසන රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයට 8.8ක ප්‍රබල භූමිකම්පාවක් බලපා ඇති අතර, එයින් කම්චැට්කා අර්ධද්වීපයට අඩි 13ක් (මීටර 4ක් පමණ) උසැති සුනාමි රළක් කඩා වැදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණය (USGS) අනුව, මෙම භූමිකම්පාව රුසියාවේ පෙට්‍රොපව්ලොව්ස්ක්-කම්චැට්ස්කි නගරයේ සිට සැතපුම් 85ක් (කිලෝමීටර 137ක්) පමණ දුරින්, කිලෝමීටර 19ක ගැඹුරකින් සිදුවී […]

ඇමරිකානු ගුවන් යානයක ගින්නක්: ඩෙන්වර්-මියාමි ගුවන් ගමනක් අවලංගු කෙරේ

ඇමරිකාවේ ඩෙන්වර් සිට මියාමි දක්වා පියාසර කිරීමට නියමිතව තිබූ ඇමරිකානු ගුවන් සේවයට අයත් බෝයිං 737 MAX 8 ගුවන් යානයක හදිසි ගින්නක් හටගෙන තිබෙනවා. ගොඩබෑම් ගියර්යේ දෝෂයක් හේතුවෙන් ගුවන් යානයේ ටයරයක ගින්නක් සහ දුමාරයක් ඇතිවීමෙන් මෙම සිද්ධිය වාර්තා වන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. ගින්න හේතුවෙන් එම ගුවන් ගමන වහාම අවලංගු කර ඇති අතර, ගුවන් යානය […]

ඉන්දීය උප ජනාධිපති ජග්දීප් ධන්කාර් ධුරයෙන් ඉල්ලා අස්වෙයි!

ඉන්දියාවේ උප ජනාධිපති ජග්දීප් ධන්කාර් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඔහුගේ ඉල්ලා අස්වීම සෞඛ්‍ය හේතූන් මත සිදුව ඇති බව පැවසේ. වයස අවුරුදු 74ක් වන ජග්දීප් ධන්කාර් මහතා, 2022 වසරේ සිට ඉන්දීය උප ජනාධිපති ධුරයේ කටයුතු කළේය. තම සෞඛ්‍යයට මුල් තැන දෙමින් සහ වෛද්‍ය උපදෙස් පිළිපදිමින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 67(අ) වගන්තියට […]

දිගු කාලීන කෝමා තත්වයේ සිටි සෞදියේ “නිදන කුමරා” මියයයි

වසර 20කට ආසන්න කාලයක් කෝමා තත්ත්වයේ පසුවූ, සෞදියේ “නිදන කුමරා” (Sleeping Prince) ලෙසින් ලොව පුරා ප්‍රසිද්ධියට පත් වූ අල්වලීද් බින් ඛාලිද් කුමරා මියගොස් ඇති බව වාර්තා වේ. මියයන විට ඔහුගේ වයස අවුරුදු 36 කි. ඔහුගේ මරණය පිළිබඳ නිල නිවේදනය ඊයේ (ජූලි 19) ඔහුගේ පියා වන කලීද් බින් තලාල් කුමරු විසින් සිදු කරන ලදී. අල්වලීද් කුමරුගේ […]

දකුණු කොරියාවේ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මරණ 14ක්!

දකුණු කොරියාවට දින ගණනාවක් පුරා ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ඇති වූ ගංවතුර සහ නායයෑම් තත්ත්වය නිසා මේ වන විට පුද්ගලයන් 14 දෙනෙකු මියගොස් ඇති බව එරට ආපදා කළමනාකරණ කාර්යාලය පවසයි. ගලවා ගැනීමේ කටයුතු අඛණ්ඩව සිදුවන බැවින් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව බලධාරීන් ප්‍රකාශ කර තිබේ. දැනට පුද්ගලයන් 12 දෙනෙකු අතුරුදන්ව ඇති බවද […]

ඇමරිකාවේ පුහුණු මධ්‍යස්ථානයක පිපිරීමකින් පොලිස් නිලධාරීන් තිදෙනෙක් මරුට

ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් ප්‍රාන්ත ෂෙරිෆ් දෙපාර්තමේන්තුවේ පුහුණු මධ්‍යස්ථානයක සිදුවූ දැවැන්ත පිපිරීමකින් පොලිස් නිලධාරීන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ මෙම පිපිරීමට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නොමැති බවයි. මෙම ඛේදජනක සිදුවීම පිළිබඳව තවදුරටත් විමර්ශන සිදුවෙමින් පවතින අතර, මියගිය නිලධාරීන් පිළිබඳව තොරතුරු තවමත් නිල වශයෙන් නිකුත් කර නොමැත. පිපිරීම සිදුවූ ස්ථානයට ආරක්ෂක අංශ පැමිණ […]

එයාර් ඉන්දියා ජාත්‍යන්තර ගුවන් ගමන් යළි අරඹයි

එයාර් ඉන්දියා (Air India) සමාගම සිය ජාත්‍යන්තර ගුවන් ගමන් සේවා අගෝස්තු 1 වනදා සිට අර්ධ වශයෙන් යථා තත්ත්වයට පත් කරන බව නිවේදනය කර තිබේ. මෙම පියවර ගෙන ඇත්තේ AI171 දරණ ගුවන් යානයට ජුනි 12 වනදා සිදුවූ අනතුරෙන් පසු ආරම්භ කළ “ආරක්ෂිත විරාමය” අවසන් කරමිනි. සම්පූර්ණ ගුවන් ගමන් සේවා ඔක්තෝබර් 1 වනදා සිට යථා තත්ත්වයට පත් […]