2026 මාර්තු 26 බ්‍රහස්පතින්දා, 03:57
නවතම පුවත්

ජූලි චන්ග් සමුගන්න පෙර සජිත් හමුව්වෙයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ මෙරට සේවා කාලය නිමා කරන ඇමරිකා එක්සත් ජනපද තානාපතිනී ජූලි චන්ග් මහත්මිය අතර නිල හමුවක් අද (16) කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්විණි.සිය ධුර කාලය අවසන් කර නැවත ඇමරිකාව බලා පිටත්ව යාමට නියමිත තානාපතිනියට සුභාශිංසන එක් කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ මෙම හමුවේදී, පසුගිය කාලසීමාව පුරාවට ශ්‍රී ලංකාව වෙනුවෙන් […]

ජනපති නාගදීප රජමහා විහාරයට

උතුරු පළාතේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඓතිහාසික නාගදීප පුරවරයට පැමිණ නාගදීප රජමහා විහාරය වැඳපුදා ගනිමින් ආශීර්වාද ලබා ගත්තේය. එහිදී ආගමික වතාවත්වල නිරත වූ ජනාධිපතිවරයා අනතුරුව නාගදීප රජමහා විහාරාධිපති අතිපූජ්‍ය නවදගල පදුමකිත්ති තිස්ස නාහිමියන් බැහැදැක උන්වහන්සේගේ සුවදුක් විමසමින් කෙටි පිළිසඳරක නිරත විය. මෙම හමුවේදී මෑතකාලීනව දැඩි කතාබහට ලක්වූ යාපනය තෛයිට්ටි ප්‍රදේශයේ පිහිටි […]

ප්‍රවීණ ගායන ශිල්පී රාජු බණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි. අවසන් කටයුතු හෙට බොරැල්ල පොදු සුසාන භූමියේදී.

ශ්‍රී ලාංකීය සුභාවිත ගීත කලාවට සහ පටිගත කිරීමේ සංගීතයට අනන්‍ය වූ හඬක් දායාද කළ ප්‍රවීණ ගායන ශිල්පී රාජු බණ්ඩාර මහතා වයස අවුරුදු 65 ක්ව සිටියදී අභාවප්‍රාප්ත වී තිබේ. ප්‍රවීණ ගායන ශිල්පිනී චන්ද්‍රා බණ්ඩාර මහත්මියගේ පුත්‍රයෙකු සහ ජනප්‍රිය සංගීත අධ්‍යක්ෂ මහින්ද බණ්ඩාර මහතාගේ සොහොයුරා වූ ඔහු, 70 සහ 80 දශකවල මෙරට සංගීත කණ්ඩායම් ක්ෂේත්‍රයේ ද දක්ෂ […]

ගාල්ල පිළිකා ඒකකයේ විකිරණ ප්‍රතිකාර සම්පූර්ණයෙන්ම නවතී.

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ප්‍රතිකාර ඒකකයේ විකිරණ ප්‍රතිකාර කටයුතු සම්පූර්ණයෙන්ම ඇණහිට ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි. පිළිකා රෝගීන්ට විකිරණ ප්‍රතිකාර ලබා දීම සඳහා භාවිතා කරන ලීනියර් ඇක්සලරේටර් (Linear Accelerator) යන්ත්‍රය පසුගිය සඳුදා දින (12 වෙනිදා) සිටත්, කොබෝල්ට් (Cobalt) විකිරණ ප්‍රතිකාර යන්ත්‍රය පසුගිය බදාදා දින (14 වෙනිදා) සිටත් මෙලෙස බිඳවැටීමට ලක්ව ඇත. […]

ආපදාවට ලක්වූ 93%කගේ ජීවනෝපාය අවදානමක

දිට්වා සුළි කුණාටුවේ දරුණුතම බලපෑමට ලක්වූ දිස්ත්‍රික්ක 22 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 85 ක් ආවරණය කරමින් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) විසින් පවත්වන ලද නවතම සමීක්ෂණයකින් මෙරට ආපදා තත්ත්වය පිළිබඳ කනගාටුදායක තොරතුරු රැසක් අනාවරණය වී තිබේ. එම වාර්තාවට අනුව, බලපෑමට ලක්වූ ප්‍රදේශවල ජනතාවගෙන් 93% ක්ම සිය ප්‍රධාන ජීවනෝපාය මාර්ග අහිමි වීමේ දැඩි අවදානමකට මුහුණ පා […]

නස්මුල්ට එරෙහිව ක්‍රීඩකයින් පිටියට ඒම ප්‍රතික්ෂේප කරයි – BPL තරගාවලියට තර්ජනයක්!

බංග්ලාදේශ ක්‍රිකට් අධ්‍යක්ෂ එම්. නස්මුල් ඉස්ලාම්ගේ ආන්දෝලනාත්මක ප්‍රකාශ හමුවේ එරට ක්‍රීඩකයින් ගත් දැඩි තීරණයත් සමඟ අද (15) දින බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් (BPL) තරගාවලිය අඩාල විය. නස්මුල් ඉස්ලාම් වහාම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට ක්‍රීඩකයින් ලබාදුන් කාලසීමාව අවසන් වීමත් සමඟ, අද පැවැත්වීමට නියමිතව තිබූ චැටොග්‍රෑම් රෝයල්ස් සහ නෝකාලි එක්ප්‍රස් අතර තරගයට ක්‍රීඩකයින් සහභාගී නොවී එය වර්ජනය […]

බන්ධනාගාරයෙන් දුන් දානය පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ප්‍රතික්ෂේප කරයි

ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්, තමන් වහන්සේට බන්ධනාගාරය මගින් දිවා ආහාරය සඳහා ලබාදුන් දාන වේල ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ. ත්‍රිකුණාමලය ප්‍රදේශයේ බුදු පිළිමයක් සම්බන්ධයෙන් ඇති වූ මතභේදාත්මක සිද්ධියකට අදාළව, උන්වහන්සේ ඇතුළු ස්වාමීන්වහන්සේලා සිව්නමක් සහ තවත් පුද්ගලයන් පස්දෙනෙකු ඊයේ (14) රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය. මෙම සිද්ධියට මූලික වී […]

බ්‍රිතාන්‍ය ජාතික යුවළකගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට පවුම් 2,000 ක්

රජය විසින් පිහිටුවා ඇති ‘Rebuilding Sri Lanka’ අරමුදලට එක්සත් රාජධානියේ පදිංචි රිචර්ඩ් වුඩ් යුවළ විසින් ස්ටර්ලින් පවුම් 2,000 ක මූල්‍යමය පරිත්‍යාගයක් සිදු කර තිබේ. එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය අසළ පදිංචි මෙම යුවළ, සිය පරිත්‍යාගයට අදාළ ලදුපත සහ විශේෂ ලිපියක් එරට ශ්‍රී ලංකා මහකොමසාරිස් නිමල් සේනාධීර මහතා වෙත භාර දී ඇති බව ජනාධිපති මාධ්‍ය […]

ත්‍රිකුණාමලයේදී පොලීසිය සමඟ ගැටී වැඩ වැරදුණ බලංගොඩ කස්සප හිමි!

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පිහිටි බුද්ධ ප්‍රතිමාවක් ඉවත් කිරීමට උත්සාහ කිරීමේදී ඇති වූ නොසන්සුන්කාරී සිද්ධියකට අදාළව, පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු හිමිවරුන් සිව්නමක් සහ තවත් පුද්ගලයන් පස්දෙනෙකු ජනවාරි මස 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර තිබේ. පසුගිය වසරේ නොවැම්බර් 16 වනදා ත්‍රිකුණාමලය ප්‍රදේශයේ වෙරළාසන්න විහාරස්ථානයක තැන්පත් කර තිබූ මෙම බුද්ධ ප්‍රතිමාව […]

ඊයේ උද්ඝෝෂණය කළ විමල් වීරවංශට අද මහාධිකරණයෙන් වරෙන්තු!

නීතිවිරෝධී ලෙස රුපියල් මිලියන 75කට අධික වත්කම් උපයා ගැනීමේ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් පවරා ඇති නඩුව අද දින කැඳවූ අවස්ථාවේදී අධිකරණය ඉදිරියේ පෙනී නොසිටීම හේතුවෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ. කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා විසින් මෙම නියෝගය නිකුත් කර ඇත. නඩුව […]