2026 මාර්තු 26 බ්‍රහස්පතින්දා, 02:28
නවතම පුවත්

ජපානය දණ ගැස්සවූ යොවුන් සිංහයෝ අද අයර්ලන්තය සමඟ සටනට!

19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර තීරණාත්මක තරගය අද දින (ජනවාරි 19 වෙනිදා) පැවැත්වේ. විමත් දිනසරගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයට පිවිසෙන්නේ පසුගියදා ජපානයට එරෙහිව ලකුණු 203ක දැවැන්ත ජයග්‍රහණයක් ලබාගත් පූර්ණ විශ්වාසයෙනි. එම තරගයේදී පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා යොවුන් පිල නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 4කට […]

විසඳුම් නැති තැන නැගෙනහිර වෛද්‍යවරු යළි පාරට – රෝහල් පද්ධතියම යළි වර්ජනයේ.

අක්කරෙයිපත්තුව මූලික රෝහලේ වෛද්‍ය අධිකාරීවරයාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ඔහුව ධුරයෙන් ඉවත් කර අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස බල කරමින් නැගෙනහිර පළාතේ රජයේ රෝහල් වෛද්‍යවරුන් ආරම්භ කළ වැඩ වර්ජනය, තෛපොංගල් උත්සවය වෙනුවෙන් ලබා දුන් තාවකාලික විරාමයකින් පසු අද දින (19 වෙනිදා) පෙරවරු 8.00 සිට යළි ක්‍රියාත්මක වේ. සිය ඉල්ලීම් සම්බන්ධයෙන් බලධාරීන්ගෙන් සාධාරණ ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් […]

හිටපු අමාත්‍ය නන්දන ගුණතිලක දිවියෙන් සමුගනී – අවසන් කටයුතු බදාදා වාද්දුවේදී

හිටපු අමාත්‍යවරයෙකු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප්‍රබල ක්‍රියාකාරියෙකු වූ නන්දන ගුණතිලක මහතා ඊයේ දින (ජනවාරි 18 වෙනිදා) අලුයම අභාවප්‍රාප්ත විය. කලක් රෝගාතුරව රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වන විට ඒ මහතා 63 වන වියේ පසුවූ අතර, 1999 ජනාධිපතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයා ලෙසත්, පසුව රජයේ කැබිනට් අමාත්‍යවරයෙකු සහ පානදුර නගර […]

උසස් පෙළ ගෘහ ආර්ථික විද්‍යා ප්‍රායෝගික පරීක්ෂණ ජනවාරි 24 වෙනිදා ඇරඹේ!

2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ගෘහ ආර්ථික විද්‍යාව විෂයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ එළැඹෙන ජනවාරි 24 වැනිදා සිට පෙබරවාරි 02 වැනිදා දක්වා දිවයින පුරා මධ්‍යස්ථාන 42කදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙයට අදාළ ප්‍රවේශපත්‍ර දැනටමත් තැපැල් මගින් යොමු කර ඇති අතර, යම් හෙයකින් ප්‍රවේශපත්‍ර නොලැබුණු අපේක්ෂකයින් වෙතොත් […]

අශෝක රංවලගේ බිරිඳගේ රිය අනතුරේ ඇත්තම විස්තරේ‍

හිටපු කථානායක අසෝක රන්වල මහතාගේ බිරිඳ රිය අනතුරකට ලක්ව බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇති බව බියගම පොලිසිය වාර්තා කරයි. ඊයේ (16) රාත්‍රියේ කැලණිය – බියගම මාර්ගයේ පිහිටි ඔවුන්ගේ නිවස ආසන්නයේදී මෙම අනතුර සිදුවී තිබේ. සිය මෝටර් රථය නිවසට ඇතුළු කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී, කැලණිය දෙස සිට පැමිණි තවත් මෝටර් රථයක් එහි ගැටීමෙන් මෙම අනතුර […]

අගෝස්තු සිට බස්නාහිර බස් සේවාවේ විප්ලවීය වෙනසක් : සෑම බසයකටම GPS!

බස්නාහිර පළාතේ මගී ප්‍රවාහන සේවාව වඩාත් විධිමත් කිරීමේ අරමුණින් සෑම පෞද්ගලික බස් රථයකටම අගෝස්තු මාසය වන විට GPS උපකරණ සවිකර අවසන් කරන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති විශ්‍රාමික කොමදෝරු ගාමිණි ජයසිංහ මහතා පවසයි. මෙම තාක්ෂණය ඔස්සේ බස් රථ නියමිත වේලාවට ධාවනය කරන්නේද යන්න මධ්‍යම කළමනාකරණ තොරතුරු පද්ධතියක් (MIS) මගින් නිරීක්ෂණය කෙරෙන අතර, […]

යොවුන් ලෝක කුසලානයේ ශ්‍රී ලංකා සටන අද ඇරඹෙයි

සිම්බාබ්වේ සහ නැමීබියාවේ සම සත්කාරකත්වය යටතේ පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන මංගල තරගය අද (17) ජපානයට එරෙහිව පැවැත්වීමට නියමිතය. ‘A’ කාණ්ඩය යටතේ තරග වදින ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සහ ජපානය අතර මෙම තරගය නැමීබියාවේ වින්ඩ්හෝක්හිදී මෙරට වේලාවෙන් පස්වරු 1.00 ට ආරම්භ වේ. කණ්ඩායම් 16ක සහභාගීත්වයෙන් ඊයේ […]

ජින්තුපිටිය වෙඩි තැබීමේ සැකකරුවන් සොයා මෙහෙයුම් ඇරඹේ!

කොළඹ, ජින්තුපිටිය 125 වත්ත ප්‍රදේශයේ ඊයේ දින (16 වෙනිදා) රාත්‍රියේ සිදුවූ මාරක වෙඩි තැබීම සම්බන්ධයෙන් අද දින (17 වෙනිදා) පෙරවරුව වන විට විශේෂ විමර්ශන කිහිපයක් ආරම්භ කර ඇති බව පොලිසිය තහවුරු කරයි. ප්‍රහාරය එල්ල කළ තුවක්කුකරුවන් පැමිණි ත්‍රිරෝද රථය සහ ඔවුන් පලාගිය මාර්ග හඳුනාගැනීම සඳහා මේ වන විටත් ප්‍රදේශයේ CCTV දර්ශන පරීක්ෂා කරමින් කොළඹ වෙරළබඩ […]

මඩොල්සිමදී ට්‍රැක්ටරයක් පෙරළී රියදුරා ජීවිතක්ෂයට

මඩොල්සිම, පස්සර මාර්ගයේ මාළිගාතැන්න දෙසට දිවෙන අතුරු මාර්ගයකදී ට්‍රැක්ටරයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් සිදු වූ අනතුරකින් එහි රියදුරු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (16) උදෑසන මෙම අනතුර සිදුව ඇත්තේ අදාළ මාර්ගයේ පවතින බෑවුම් සහිත ස්ථානයකදී වන අතර, අනතුරෙන් බරපතළ තුවාල ලැබූ රියදුරු බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත. මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ […]

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක්

ඉදිරි පැය 36 ක කාලය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (16) නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.මෙම වියළි කාලගුණයත් සමඟ දැඩි සීතලක් පවතින බැවින් උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහීන ඇතිවීමේ හැකියාවක් පවතින බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.මීට අමතරව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරුමැද සහ […]