2026 මාර්තු 26 බ්‍රහස්පතින්දා, 01:07
නවතම පුවත්

පෞද්ගලික අංශයේ අවම වැටුප ඉහළට

පෞද්ගලික අංශයේ අවම වැටුප ඉහළට පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අවම වැටුප 2026 ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 3,000කින් ඉහළ නංවා ඇති බව කම්කරු කොමසාරිස් ජනරාල්වරිය නිවේදනය කරයි. මෙම තීරණයත් සමඟ මෙතෙක් රුපියල් 27,000ක්ව පැවති ජාතික අවම වැටුප රුපියල් 30,000 දක්වා ඉහළ යනු ඇත. මෙම වැටුප් සංශෝධනයේ ප්‍රධාන කරුණු කිහිපයක් මෙසේය: පනත් ප්‍රතිපාදන: මෙම […]

ගල් අඟුරු නැව් ප්‍රමාදයි, විදුලිය කැපීමේ අවදානමක්! දිනන දකුණ අනතුරු අඟවයි.

මෙරටට අවශ්‍ය ගල් අඟුරු තොග ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය විධිමත් නොවීම හේතුවෙන් ඉදිරි මාස කිහිපය තුළ සමස්ත රටම දැවැන්ත විදුලි අර්බුදයකට මුහුණ දීමේ අවදානමක් මතුව ඇතැයි ‘දිනන දකුණ’ සාමූහිකයේ නියෝජිත තුෂාර වීරරත්න මහතා පවසයි. මේ වසරේ අප්‍රේල් මාසයට පෙර ගොඩබෑ යුතු ගල් අඟුරු නැව් පහෙන් මේ දක්වා මෙරටට පැමිණ ඇත්තේ නැව් දෙකක් පමණක් බවත්, දැනට ආනයනය […]

මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දුගේ අභියාචනා විභාගය මාර්තු 09 වනදාට

සතොස ආයතනය හරහා කැරම් බෝඩ් සහ දාම් ලෑලි ආනයනය කිරීමේදී රජයට රුපියල් මිලියන 50කට අධික පාඩුවක් සිදු කිරීමේ චෝදනාවට වරදකරුවන් වී සිරදඬුවම් නියම වූ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන මහත්වරුන් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම් ලබන මාර්තු මස 09 වනදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද 20 දින නියම කළේය. ප්‍රීති පද්මන් සූරසේන සහ අචල […]

පවතින ශීත කාලගුණයත් සමඟ වෛරස් රෝග සහ වායු දූෂණය ඉහළට

පවතින ශීත සහ වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් කුඩා දරුවන් අතර ශ්වසන පද්ධතිය ආශ්‍රිත වෛරස් රෝග ව්‍යාප්තියේ වැඩිවීමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසයි. විශේෂයෙන්ම පෙර පාසල් වයසේ දරුවන් අතර උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව සහ ඇඟපත වේදනාව වැනි රෝග ලක්ෂණ බහුලව පවතින බැවින්, එවැනි ලක්ෂණ දින තුනකට වඩා පවතී නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගත යුතු බව වෛද්‍ය […]

ජින්තුපිටිය ඝාතනයේ සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට

ජින්තුපිටිය ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර දරුවන් දෙදෙනෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධියට අදාළව කාන්තාවක ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු වෙරළබඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි අවුරුදු 18ත් 49ත් අතර පසුවන මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ අපරාධයට ආධාර අනුබල දීම සහ හෙරොයින් ළඟ තබා ගැනීම යන චෝදනා යටතේය. සැකකරුවන් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඉන් […]

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් වැඩවර්ජන අනතුරු ඇඟවීමක්

දුම්රිය ස්ථානාධිපති බඳවාගැනීමේ පටිපාටියේ පවතින ගැටලුවලට බලධාරීන් කඩිනම් විසඳුම් ලබා නොදෙන්නේ නම්, මෙම මස 23 වැනිදායින් පසු දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි. රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිර්දේශ ලැබී මාස 4ක් ගතවී ඇතත්, ඒවා මෙතෙක් ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් සේවය තුළ බරපතල අර්බුදයක් හටගෙන ඇති බව එම සංගමයේ ලේකම් කසුන් චාමර මහතා අවධාරණය […]

ඉන්දියාවේ වයඹදිග කාෂ්මීර් කලාපයේ ප්‍රබල භූකම්පනයක්

අද පෙරවරුවේ ඉන්දියාවේ වයඹදිග කාෂ්මීර් කලාපය කේන්ද්‍ර කරගනිමින් රික්ටර් මාපකයේ ඒකක 6ක ප්‍රබලත්වයකින් යුත් භූකම්පනයක් හටගෙන තිබේ. ඉන්දීය වේලාවෙන් පෙරවරු 11.51ට පමණ සිදුවූ මෙම කම්පනය පොළොව මතුපිට සිට කිලෝමීටර් 35ක් පමණ ගැඹුරින් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම කම්පනය ප්‍රදේශ කිහිපයකට තදින් දැනී ඇති අතර, ඉන් සිදුවූ දේපළ හෝ ජීවිත හානි පිළිබඳව මෙතෙක් […]

2026 ලොව හොඳම මධුසමය ගමනාන්ත අතර 5 වන ස්ථානය ගාල්ලට

ලොව ප්‍රකට සංචාරක වෙබ් අඩවියක් වන Tripadvisor හි “Travelers’ Choice Best of the Best” සම්මානාවලියට අනුව, 2026 වසරේ ලොව හොඳම මධුසමය ගමනාන්ත 10 අතර 5 වන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ ඓතිහාසික ගාල්ල නගරය සමත්ව ඇත. ලොව පුරා සංචාරකයන් විසින් ලබා දෙන ලද සැබෑ සමාලෝචන (Reviews) වල ගුණාත්මකභාවය සහ ප්‍රමාණය පදනම් කරගනිමින් මෙම ශ්‍රේණිගත කිරීම් […]

ලක්ෂ 5 දීමනාව අතරමග, ග්‍රාම නිලධාරීනුත් ගෙවීම් කටයුතුවලින් ඉවත් වෙයි.

දිට්වා සුළි කුණාටුවෙන් අර්ධ හානි වූ නිවාස සඳහා රජය ලබාදෙන රුපියල් ලක්ෂ පහක දීමනාව ගෙවීමේ කටයුතුවලින් අද දින (19 වෙනිදා) සිට ඉවත්වීමට ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති සන්ධානය තීරණය කර ඇති අතර, අදාළ ගෙවීම් සම්බන්ධයෙන් නිකුත් කර ඇති චක්‍රලේඛයේ පවතින බරපතළ අඩුපාඩු හා එම ක්‍රියාවලිය විධිමත් නොවීම මෙම තීරණයට හේතු වූ බව එම සන්ධානයේ සම සභාපති […]

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණෙයි

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ නිල ක්‍රිකට් තරග සංචාරයක් සඳහා අද (19) උදෑසන දිවයිනට පැමිණියේය. ක්‍රීඩකයින් සහ නිලධාරීන් ඇතුළු 28 දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායම ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයට අයත් යානයකින් අද පෙරවරු 08.20ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟා විය. මෙම සංචාරයේදී එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්දින ජාත්‍යන්තර තරග තුනකට සහ විස්සයි […]